30 June 2017

බල්ලා ද සිල්වා (The Dog de Silva)






මාර්තෘකාව සහ ඉහත ඡයා රුපය දුටු පමණින්ම සිහියට නැගෙන  කුප්‍රකට අචාර්‍ය සිල්වා ගැන ලියන සටහනක් නම් නෙමෙයි මෙය හුදෙක්ම ,අපේ ගෙදර සිටි බල්ලා,බ්‍රවුන්  ගැනයි මේ පොස්ට් එක.

බ්‍රවුන්  ,අපේ ගෙදරට අවේ 1994 විතර පොඩි පැටියා කාලේදිම,.අපේ පිටිපස්සේ ගෙදරින් තාත්තා ගෙනාවේ එහේ ඇති කරපු ඇල්ටේෂන් වරගෙයේ බැල්ලියක් සහ එහේම හිටපු වල් බල්ලන් වශයෙන් ව්‍යහාරයේදි හදුන්වන බල්ලෙකු වු  සංගුලියාටදාව බිහි කරපු බලු පැටියා බ්‍රවුන් නමින් කුල වද්දලා අපේ පව්ලට එකතු උනේ.
අපේ අසල් වැසියා තාත්තට බ්‍රාවුන්ව පැවරුවේ ඔවුන්ගේ නිවසේ වැඩිවෙන බලු ගහණයට පිළියමක් වශයෙන් මිසක සත්භාවයෙන් නොවන බවනම් සහතිකයි. බ්‍රවුන්ටත් වැඩේ තෙරිලා වෙන්න ඇති සතාට සද්දෙට බූරා ගන්න පුලුවන් උන දවසේ ඉදලා ඒ ගෙද‍ර මොනයම් කෙනෙක් අපේ ගෙදර ඉදිරි පිටි වැටි ඇති අඩි පාර දිගේ යනවා දැකපු ගමන් පටන් ගන්නවා බිරිල්ලක්  දම් වැළ කඩා ගන්න උපරිම දහිරිය දමමින් ආදාල පුද්ගලයා නොපෙනි යනතුරුම

බ්‍රවුන් අපේ ගෙද‍රට එන කොට සති දෙකක් විතර වගේ චබී පැටියෙක් සිග් සැග් අකාරය පස්ස වනමින් තමයි ඇවිදිම කරේ, ගෙදරට ආපූ පළවෙනි දවසෙදිම කරේ පවුලේ සාමාජිකයන් හැමෝම ළගට ඇවිත් ඌගේ හොම්බ උඩි පතුලේ අතුල්වමින් ලෙව කෑම, බොහොම අමාරුවෙන් තමයි අපි හැමෝම ඉවසන් හිටි‍යේ. බ්‍රවුන් එහෙම තමයි ගෙදර සමාජිකයන්ව දැන හදුනා ගත්තේ.

බ්‍රවුන්ගේ ආගමනයට මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරේ අම්මා උණත්,කල් යත්ම බ්‍රවුන් ගැන වැඩියෙන්ම සොයා බැලුවේ සහ ඇප උපස් තාන කැම බීම වෙලාවට කලාවට දුන්නේත් අම්මාම තමයි.බ්‍රවුන් ලොකු මහත්වෙලා හොද නාම්බෙක් ඌනා බොහොම ඉක්මනටම, අපි හය දෙනාට අමතරව අම්මා තමයි ඌවත් බලාගත්තේ තවත් දරුවෙක් වගේමයි.

Brown
බ්‍රවුන් 2007 දි  පමණ

අපේ තාත්තා ගේ ධිවර රැකියාව නිසා නිසා දිනපතාම අඩු නොකියන්න බ්‍රාවුන්ට මාළු පිනි නම් ලැබුණා ලේ පිටින් අමු මාළු වගෙම පිසූ මාළු ත් ලැබුනා.මාළු නැතිව ගෙදර කොල්ලො ටික ආමරුවෙන් හරි බත් ටික කැවට,බල්ලනම් කනවා බොරු, ඉතින් අම්මා බිත්තරයක් බාගෙට තම්බලා ඌටම විශේෂයෙන් හින්දලා හදන පරිපුවත් සමග පාන් කැළි පොඩියට වෙන්න කඩල අනලා දුන්නාඅ තමයි උ එපැයි නොකියා කන්නේ
දවල් වරුවේ බැදලා තිබ්බට හැන්දාවට ලිහලා දාලා ඉන්නේ බ්‍රවුන් නාදුනන කෙනෙක් ආවොත් එතින් බඩුම තමයි. කිහිප වතාවක්ම දවල් වරුවෙත් දම්වැල කඩාගෙන ගිහින් අහල පහළ දෙතුන් දෙනෙක්ව හපා කැවා.
එක දවසක් රාත්‍රියක මගේ හොදම මිත්‍රයෙක් වෙන චන්දන අයීයා එයාගේ ගෙස්ට් කෙනෙක්ව ගන්න කටුනායක යන කමන් අපේ ගෙදර  අවා මගෙන් දෙයක් ඉල්ලන් යන්න, ඒ දවස් වල අපේ ගෙදරත් විදුලි බලය (ලයිට්) තිබුණේ නැහැ කරුවලේම අපේ ගෙදර ආපු (රැට ලිහලා හිටියේ බ්‍රවුන් සුපුරුදු පරිදි) චන්දන අයියගේ ඇගට පැනල හොද වෙලාවට සද්දේ ඇහිලා අපි එළියට ගියා අපේ මිත්ත්‍රයා ඇදන් හිටපු ටි ෂර්ට් එක( චේ) වැල් වෙන්න ඉරලා වෙන අනතුරක් නැහැ පොඩි සිරිමක් වගෙ තිබුණා මතකයි.අපේ කමල් මල්ලි බ්වුන්ව අල්ලාගෙන උගේ ඔළුව පිට අතගාලා බල්ලාව සන්සුන් කරගෙන ගෙට එක්කන් ගියා.
අනතු‍රෙන් පස්සේ  කිටුටුව තිබුණ තවත් මිත්‍රයකුගේ නිවසට ගිහින් වෙනින් ඇදුමක් ඇදගෙන යන ගමන් ,චන්දන අයියා කියනවලු " මට කෙන්ති බල්ලා කැවටවත් ටි ෂර්ට් එක ඉරුවටවත් නෙමේ බං අරුන්ගේ මල්ලී බල්ලාට දෙකක් දෙන්නේ නැතිව ඌගේ ඔළුව අත ගාපු එකට බං කි‍යලා" ඒ වෙලාවේ බ්‍රවුන්ව ෂේප් කරගන්නේ නැතිව ඌට දෙකක් දෙන්න ගියානම කොල්ලා (බල්ලා) නවතින්නේ තවත් අඩව්වක් අල්ලලා තමයි.
ඕනම නාදුන කෙනෙකුට කඩා පනින බ්‍රවුන් කොල්ලා  2010 දි හා හා පුරා කියලා පය තියපු මගේ හාමිනෙත් එක්ක  කිසිම එදිරිවාදි කමක් නැතිව පැත්තකට වේලා හිටියා, ටිකක් හොයලා බැලුවාම ගෙදර ආපු දවසෙම අපේ හාමිනේ බ්‍රවුන්ට කැවුමක් දීලා  අපේ බාප්පා කෙනෙක් කිව්වා ඒ වෙලාවෙදී කැවුම් දුන්නාම බල්ලො යාළු වෙනවා කියලා , පෙනෙඉද බල්ලට දීලා තියෙන ඉනාව.
මාර්තෘකාවට ආදාළ සිද්ධිය මේකයි.
අපේ නංගි ස්කොලේ 3 හෝ 4 පන්තියේ හිටියේ එතකොට ගෙදර කුස්සිය පැත්ත්තේ බිත්තියක මෙහෙම ලියල තිබුණා අපේ පව්ලේ සමාජිකයන්ගේ නම් ලැයිස්තුව
N.W. X ද සිල්වා  (තාත්තා)
J.A.M. ද සිල්වා (නිවැරදිව ලිව්වානම්- J.A.M. පමණයි)
N.W. J.P ද සිල්වා( මම මහතා)
N.W. W.G. ද සිල්වා
N.W. K.K.  ද සිල්වා
N.W. S.K. ද සිල්වා
N.W. I.P. ද සිල්වා
හොදම එක

(අත්තටම මුල අකුරු දේක සමග හැමොගේම සම්පුර්ණ නම තමයි ලියලා තිබුනේ)
N.W. බ්‍රවුන් ද සිල්වා
එතැන්, පටන් බ්‍රවුන්ටත් ද සිල්වා එකතු ඌනා, පුන්චි දැරිවියක් උන නංගිට විතරක් නෙමේ අපිට උනත්  බ්‍රවුන් දැනුණේ පව්ලේ කෙනෙක් හැටියටයි.බ්‍රවුන්ට, හලෝ බ්‍රවුන් ද සිල්වා කියලා කතා කරන කොට ඔව් කියන්න වගේ සද්දයක් දානවා ඔළුව උඩට උස්සලා, ඇපේ නංගිනම් හිනාව තතකරගෙන ඉන්නවා හිනානෙවි.
බ්‍රවුනුත් 2011 අම්මා නැති වෙලා ටික කාලයකින්ම අවසන් හුස්ම හෙළුවා, අම්මා සහ  තත්තා නැති උනු එකේ සාන්කාව අපිටත් වාඩා තදටම දැනුනේ ඒ සාතාට තමයි.













18 May 2017

අප්පච්චි!!!

අප්පච්චි!!!


තානා දරුකැලක්
ජිවිතේ මැදිවියේ
ඉසිබු ලන්නටවත්
නිවනක් නැතිවම
දිවියේ සැදැ-සමයෙත්
කෘෂව ගිය ගතින්-බොඳව ගිය නෙතින්
දහදිය-කඳුළු හෙලමින්.
නිමක් නැති වේදනා විදි
අප්පච්චි!!

දුක්- තැවුල්
බීඩියක දුම් සමඟ
පා කර යවා හිස් අහසට.
පිරුණු ළපටි කුස් සයකින්
පොලා පැන්න සිනා කැකුළු
ඇස්මානේ රදවා ගෙන
සතුටු දියේ සිසිලස විදි
අප්පච්චි!!!

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...