18 May 2017

අප්පච්චි!!!

අප්පච්චි!!!


තානා දරුකැලක්
ජිවිතේ මැදිවියේ
ඉසිබු ලන්නටවත්
නිවනක් නැතිවම
දිවියේ සැදැ-සමයෙත්
කෘෂව ගිය ගතින්-බොඳව ගිය නෙතින්
දහදිය-කඳුළු හෙලමින්.
නිමක් නැති වේදනා විදි
අප්පච්චි!!

දුක්- තැවුල්
බීඩියක දුම් සමඟ
පා කර යවා හිස් අහසට.
පිරුණු ළපටි කුස් සයකින්
පොලා පැන්න සිනා කැකුළු
ඇස්මානේ රදවා ගෙන
සතුටු දියේ සිසිලස විදි
අප්පච්චි!!!

14 May 2017

සිංහයා සහ පැටව් (The Daddy lion and baby lions)



 



Lion and cubs


අපේ ලොකු දොනිට අපි ආදරෙට කතා කරන්නේ සුදු (පුතා )කියලා ,දැන් අවුරුදු හතරේ කඩ ඉමට පාතබන්න තව සතියක් විතර තියෙනවා.ඇගේ දගකාර කම් නිමක් නැහැ අම්මාගෙන් වගේම මගෙනුත් බැණුම් වලත්ත් කෙළවරක් නැහැ ඒත ඳග වැඩ වලත් අඩුවක් නැහැ කරණ දග වැඩ වලත් සීමාවක් නැහැ.

තනි අයිතියට තිබුණු අපේ ආදරය, කාලය සහ අවධානය නංගි ආවට පස්සේ බෙදිලා යාම නිසා සමහර වෙලාවට අපේ අවධානය ගන්නම දඟවැඩ කරනව, එ කොහොම වෙත්ත් දැන්නම් නංගි නැතුවම බැහැ එයාට, හරි ආදරෙයි නංගිට

සත්තුන්ට හරිම ආදරේ, චුටි දවස් වල ඉදලම බල්ලෙක් පුසෙක් දැක්කොත් කෑ ගහනවා සතුටට, කියවනවා ඌ ගැන විස්තරකරනවා, බලන්න එයාට දිග වලිගයක් තියෙනවා, එයත් ඤාව් ඤාව් ගානවා ඌගේ පස්සෙන් යනවා ප්‍රශ්න වැලැයි අන්තිමට ඌ ගියාම කොහේද ගියේ ආයෙත් එන්න නැද්ද. ඔය වගේ.


07 May 2017

දොළ දුක සහ හෙනහුරා





මේක මම Metroof එකේ සේවය කරණ කාලයේදි (2000-2004) ඩිනාල් දියගො (Dinal Diyago'S FB profile) අපේ හිතවත් මිත්‍රයගෙන් අහපු ඔහුගේ මිත්‍රයෙක් මුහුණ දිපු අත්දැකිමක්.
කථාවේ නියම රසය දැනේන්නම් කතාව අවසනයේ හිස්තැනැක් සමග ඇති වචනය නිවැරදිව ගලාපගෙන කියවන මෙන් ඉල්ලිමක් කරනව ඔන්න පටන් ගන්න කොටම.

අපි හිතමු අර මිත්‍රයගේ නම බුද්ධික කියල, ඔනන් අපේ කතා නයකයා නිවාඩු දවසක හරියටම කිව්වොත්  මාසේ අන්තිමේ, රිම් එකෙන් දුවන සතියක (පඩි පත බලාපොරොත්තුවෙන් ඉන්න) බීරින්දා පිළියෙල කරලා දිපු දවල් කැමත් කාලා , සිගරට් එකක් බොන්න ක්‍රමයක් නැතිව බොහොම අමාරුවෙන් බඩ අත ගගා ,එහාට මෙහාට සක්මන් කරමින් ඉදලා, සාක්කුවල, අල්මාරියේ පතුළවල් අතගාල යන්තම් රුපියල් දෙකක් හොයා ගත්තලු, තවත් රුපියලක අඩුපාඩුව,බිරින්දා ගැට ගහලා තිබුණු පඩුරු දෙකක් ලිහලා සම්පුර්ණ  කරගත් මිත්‍රයා ෂර්ට් එකක් දාගෙන හන්දියේ කඩේ ළගට පිටත් උණාලූ සිගරට් එකක දොළ දුක සන්සිදවා ගන්න.

කඩේ මුදලාලිට මාරු කාසි ටික දීලා මූදලාලි මට ගොල්ඩ් ලීෆ් එකක් දෙන්න කියන කොටම, හිගන්නගේ පාත්තරෙට හෙනහුරා පාත් උනා වගේ එකෙක් (සාගර) කඩන් පාත් උනලු, මචං බුද්ධිකායා දැක්ක කල් සිගරට් එකක් බොන්න විදියක් නැන්ද බන් කියාගෙන, මොනවා කරන්නද අපේ හිත හොද මිත්‍රයා මුදලාලිගෙන් ණයට එකකුත් සමග සිගරට් දෙක්ක අරගෙන සාගරයටත් එකක් දීලා.

පත්තරෙකුත් දිග ඇරගෙන ඔන්න දැන් බුද්ධික අපේ මිත්‍රයා සිගරට් එක පත්තු කරගෙන සීරුවට් සිගරට් එක බොනවලු, මිනිහට තනි ඇහට පේනවලු කව්රුහරි මුගේ ලගටම වෙලා පෙරේතයෙක් වගේ බලන් ඉන්නවා, ඔළුව උස්සලා බැලුවාම සාගරයා

බුද්ධිකයා: මොකොද බොල
සාගරයා: බෙල්ල ඇල කරලා ,බුද්ධිකයා මචං ඔකෙන් සිගරට් භාගයක් දියන් බං
බුද්ධිකයා:ඇයි තොට මන් සිගරට් එකක්ම අරන් දුන්නේ බාග ඉල්ලන්නේ අහවල් එකටද?
හෙනහුරා: නැ බං එක ගෙදර ගිහින් බත් කාලා බොනවා

බොහොම දුකසේ අහුල ගත්තු සීල්ලර කාසි ටිකෙන් නිවිහැනහිල්ලේ සිගරට් එක්ක බොන්න් ආපු බුද්ධිකයව මුදලාලිට ණයකාරයෙකුත් කරලා, උගේ උගේ ආතල් එකත් කඩපු හෙනහුරු සදිසි මිත්‍රයත් එක්ක අසු හාර දාහටම මළ පැනුපු බුදිකයා, උ බොමින් හිටපු සිගරට් එකත් හෙනහුරු මිත්‍රයට දීලා තවත් එකක් ණයට මුදලාලිගෙනුත් ඉල්ලගෙන ඇරුට කිවවලු

තො ඕක බත්කාලා ගහපිය, මේක (බුද්ධිකය බොමින් හිටපු එක) රීලා ගහපිය තුන් වෙන් එක(මෙක) xx ලා (අහවල් වැඩේ කරලා) ගහපිය කියලා සාගරයට සිගරට් තුනම දීලා,කෙළ පාරක් ගහලා ගෙදර ගියාලු

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...