08 March 2021

පොඩි දුවගේ කතා

 



නිවාඩු කාලය අල්ලලා දුවලා දෙන්නත් චූටි පුතත් කාටාර් ඇවිත් හිටිය 2019-අගොස්තුවල පොඩි දුවත් මමත් අතර වෙච්ච් සංවාධයක් මේ.

(පොඩි දුවගේ තුන්වෙනි උපන්  දිනය සැමරුවෙත් මෙම නිවාඩුවෙදි සහ ලොක්කට අව්රුදු 6ක්)

ඇය සෙල්ලම් බඩුවක් එක්ක තනියම සෙල්ලම් කරමින් හිටියේ, ඇයත් එක්ක කතාවකට මුල පුර්න්න කියලා හිතාගෙන ,

 

මම: පුතා ඔයා මොකද කරන්නේ....?

ඇය:ඇයි අප්පච්චි ඔයාගේ ඇස් පේන්නේ නැද්ද, මම මොකද්ද කරන්නේ කියලා....

මම: කතා නැත...... ,

 

-------------------------------------------------------------------

කොරොනා වලට ලොක් ඩවුන් වෙලා ඉන්න මේ දවස් වල ඉමෝ කොල් එකක් අතර තුර.

 

ඇය: අප්පච්!!! මල්ලි මාව වඩා ගත්ත්තා (මට ඇහිච්ච හැටි)

මම:(පුදුමයෙන් ) මල්ලි ඔයාව වඩා ගත්තා (මල්ලිට අව් රැද්දයි මස 5 ක තමයි වයස)

ඇය: නැහැ මල්ලි මාව බදා ගත්තා,

මම: එකනේ මල්ලි ඔයාට ආදරේයි නේද?

ඇය: ඔයා දන්නවද අප්පච්චි එකට කියන්නේ Hug කරනවා කියලා...

මම: ඇත්තද මම දැනගෙන හිටියේ නැහැනේ....

------------------------------------------------------------------------------------

අපේ  නොනා, තේ  බොන වෙලාවට  ක්‍රීම ක්‍රැකර් බිස්කට් එකක්  තමයි හපන්න ගන්නේ,

ඒයාලට වෙනම බිස්කට් එකක් තිබුනත්, අපේ කතා නායිකාව මේලො රහක් නැති උනත් අම්ම්ගේ ක්‍රිම් කැකර් එකකට දෙකකටත් වග කියනවා ( ඒයාගේ බිස්කට් එක කාලා අවහර කරලා).

 

ඉතිං අපේ පිංකා මෙලො රහක් ගුනක් නැති ක්‍රැකර් එක කන නිසා, අපේ නොනන චීස් ක්‍රැකර් එකක් ගෙනත්, එකත් නංගා  ප්‍රිතියෙන භුක්ති විදිමින් ඉන්නවා. අම්මා කියල අපේ ලොකු දුවට ඔයත් කන්න  කියලා, එයා යැක් කියලා අහක බලාගෙන, ඉතිං අපේ පිංකා බොහොම අඩම්බරයෙන් කියනවලු අම්මට.

 

අම්මි අක්කලා මල්ලිලා දන්නේ නැහැනේ මේවගේ තියෙන රස නේ........

--------------------------------------------------------------------------------------------------------

මම ඉමො කෝල් එකක ඉන්න අතරතුර අක්කා නගෝ  පුංචි වාදයක, චිකන් ගැන

කතාවේ මුල ටිකට මට කන්දුන්නේ නැහැ

අක්කා: අම්මේ නංගි කියනවා චිකන් ඊයා කියලා

අම්මා: චිකන් ඊයා නම් ඔයත් කන්නේ ඉල්ල ඉල්ලා

නංගි : චිකන් ඊයා කියලා කිව්වේ චිකන් , හොදයි කියලා....

විනාඩියක නිශ්ශබ්ද තාවයක්

හැරෙන හැරෙන පැත්තට කියන්න උත්තරයක් තියෙනවා.


අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...