11 June 2018

ගර්ජනාව සහ කෙඳිරිය


කාල- නීල
චන්ඩ දළ රළ
වර නගමිණා, හො-හෝ හඩ,
පොලා පැන අඹරට
පතබැවූනි 
අකම්පිත
සුසිදු වැල්ලට

චන්ඩ රල භින්නවි, කණ්ඩ වී !
සියුම් චිරි-සිරියකි!!!
සුසිදු සුදු පෙන කැරලි
මියැදේමින්
මුමුණනා!


06 June 2018

සහෘදයාණෙනි ඔබට සුභ ගමන්



ප්‍රේමකීර්ති ට පසුව අපි ආදරය කළ.ගැඹුරක් ඇතිව හදවතෙහි ගැඹුරුම තැනට සජීවීව ආමන්ත්‍රණය කළ ඒ ආදරණීය  හඬ සදහටම නිහඬ වෙලා

හේම නලින් 90 දශකයේ නව යොවුන් තරුණයන් වූ අපිට අපේ පරපුරට 9.05 තුලින් සොබාදහමට ආදරය කරන්න, යූ ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවි බහුලව භාවිතා නොවූ ඒ කාලයේ ලංකාවේ සොඳුරු තැන් අපිට පෙන්නල දුන්න  පරිසරයට ආදරය කරන්න සොබා දහමේ චමත්කාරය විඳින්නට අපට මග පෙන්වූ ගමන් නියමුවෙක්. සුන්දර  සිනහව හා ගැඹුරු කට හඬකින් අපේ හදවතට ආමන්ත්‍රණය කළ සොඳුරු ආඥාදායකයෙක්.

මතක හැටියට අනුව දශකයේ අග භාගයේ පැවැත්වුණු සජීවී අවුරුදු අවරුදු වැඩ සටහනකින් පසුව , සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවයක් මත පදනම්ව ඔහුගේ හඬ රූපවාහිනියෙන් හා තවත් පරපුරකින් ඈත් කළ කිසිදු ප්‍රතිභාවන් නොමැති එහෙත්  ගොටු අල්ලා ඉහලට යාමට බලන් සිටි තවත් පරපුටු හා දක්ෂතාවයන් නොමැති පිරිසක් විසින් අති දක්ෂ ඔහුව තවත් පරපුරු ගණනාවකින් වෙන් කළා

මුතු මැණික් යට ගොස් යටගොස් ගොම රිටි මතුවන සිරිලංකා කාලා කෙතේ, පූර්ණ ප්‍රතිභාවයෙන්ම මේ දෙර්ණට පලක් නොගෙනම යටකර තවත් අමිල මාණික්‍යයක්.

සහෘදයාණෙනි ඔබට සුභ ගමන්


ජැක්සන් ඇන්තනි ඔහු ගැන තැබූ සටහන මෙතනින්
http://divaina.com/sunday/index.php/visheshanga2/4267-2018-06-08-14-01-36

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...