Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

07 May 2017

දොළ දුක සහ හෙනහුරා





මේක මම Metroof එකේ සේවය කරණ කාලයේදි (2000-2004) ඩිනාල් දියගො (Dinal Diyago'S FB profile) අපේ හිතවත් මිත්‍රයගෙන් අහපු ඔහුගේ මිත්‍රයෙක් මුහුණ දිපු අත්දැකිමක්.
කථාවේ නියම රසය දැනේන්නම් කතාව අවසනයේ හිස්තැනැක් සමග ඇති වචනය නිවැරදිව ගලාපගෙන කියවන මෙන් ඉල්ලිමක් කරනව ඔන්න පටන් ගන්න කොටම.

අපි හිතමු අර මිත්‍රයගේ නම බුද්ධික කියල, ඔනන් අපේ කතා නයකයා නිවාඩු දවසක හරියටම කිව්වොත්  මාසේ අන්තිමේ, රිම් එකෙන් දුවන සතියක (පඩි පත බලාපොරොත්තුවෙන් ඉන්න) බීරින්දා පිළියෙල කරලා දිපු දවල් කැමත් කාලා , සිගරට් එකක් බොන්න ක්‍රමයක් නැතිව බොහොම අමාරුවෙන් බඩ අත ගගා ,එහාට මෙහාට සක්මන් කරමින් ඉදලා, සාක්කුවල, අල්මාරියේ පතුළවල් අතගාල යන්තම් රුපියල් දෙකක් හොයා ගත්තලු, තවත් රුපියලක අඩුපාඩුව,බිරින්දා ගැට ගහලා තිබුණු පඩුරු දෙකක් ලිහලා සම්පුර්ණ  කරගත් මිත්‍රයා ෂර්ට් එකක් දාගෙන හන්දියේ කඩේ ළගට පිටත් උණාලූ සිගරට් එකක දොළ දුක සන්සිදවා ගන්න.

කඩේ මුදලාලිට මාරු කාසි ටික දීලා මූදලාලි මට ගොල්ඩ් ලීෆ් එකක් දෙන්න කියන කොටම, හිගන්නගේ පාත්තරෙට හෙනහුරා පාත් උනා වගේ එකෙක් (සාගර) කඩන් පාත් උනලු, මචං බුද්ධිකායා දැක්ක කල් සිගරට් එකක් බොන්න විදියක් නැන්ද බන් කියාගෙන, මොනවා කරන්නද අපේ හිත හොද මිත්‍රයා මුදලාලිගෙන් ණයට එකකුත් සමග සිගරට් දෙක්ක අරගෙන සාගරයටත් එකක් දීලා.

පත්තරෙකුත් දිග ඇරගෙන ඔන්න දැන් බුද්ධික අපේ මිත්‍රයා සිගරට් එක පත්තු කරගෙන සීරුවට් සිගරට් එක බොනවලු, මිනිහට තනි ඇහට පේනවලු කව්රුහරි මුගේ ලගටම වෙලා පෙරේතයෙක් වගේ බලන් ඉන්නවා, ඔළුව උස්සලා බැලුවාම සාගරයා

බුද්ධිකයා: මොකොද බොල
සාගරයා: බෙල්ල ඇල කරලා ,බුද්ධිකයා මචං ඔකෙන් සිගරට් භාගයක් දියන් බං
බුද්ධිකයා:ඇයි තොට මන් සිගරට් එකක්ම අරන් දුන්නේ බාග ඉල්ලන්නේ අහවල් එකටද?
හෙනහුරා: නැ බං එක ගෙදර ගිහින් බත් කාලා බොනවා

බොහොම දුකසේ අහුල ගත්තු සීල්ලර කාසි ටිකෙන් නිවිහැනහිල්ලේ සිගරට් එක්ක බොන්න් ආපු බුද්ධිකයව මුදලාලිට ණයකාරයෙකුත් කරලා, උගේ උගේ ආතල් එකත් කඩපු හෙනහුරු සදිසි මිත්‍රයත් එක්ක අසු හාර දාහටම මළ පැනුපු බුදිකයා, උ බොමින් හිටපු සිගරට් එකත් හෙනහුරු මිත්‍රයට දීලා තවත් එකක් ණයට මුදලාලිගෙනුත් ඉල්ලගෙන ඇරුට කිවවලු

තො ඕක බත්කාලා ගහපිය, මේක (බුද්ධිකය බොමින් හිටපු එක) රීලා ගහපිය තුන් වෙන් එක(මෙක) xx ලා (අහවල් වැඩේ කරලා) ගහපිය කියලා සාගරයට සිගරට් තුනම දීලා,කෙළ පාරක් ගහලා ගෙදර ගියාලු

03 May 2017

An essay - රචනාව-




බාලාංශයේ ඉදලා උසස් පෙළ දක්වා මගේ පසල් දිවියේ වගේම,ගමේ, අද වෙනකම්ම , මගේ පරණම,හොදම මිත්‍රයෙක් වන Roshen de Silva ගේ උපන් දිනයට පුතාලා දේන්නා විසින් නිර්මාණය කරලා එවපු card එක(මෙතතනින් බලන්න) මගේ මිත්‍රයා මුහුණු පෝතේ පොස්ට් කරලා තිබුණා,

එකේ අපේ මිත්ත්‍රයගේ පොඩි පුතා මෙහෙම ලියල තිබුණා මගෙ තාත්තාගෙ නම රොෂාන් ද සිල්වා ය, තාත්තාගේ ආහාරය බත්ය... ආදි වශයෙන්....

ඒ පොස්ට් එකට comment එකක් විදියට තමයි මේ සටහන ලියන්න ගත්තේ, ටිකක් දිග වැඩි උණ නිසා වේලි වේලි තියෙන මගේ blog එකට post එකක් විදියට දැම්මා.

පුතා හිතන්න ඇති රචනාවක් ලියනවගේ ( බල්ලා කන්නේ බත්, ගවයා කන්නේ තණකොළ වගේ තාත්තා ගැන ලියද්දි ගන්නා ආහාරය ගැනැත් ලියන්න ඕනේ කියලා.

පොඩ්න් හිතන හැටි... තමන්ගේ දැනුම , භාවිතයේ යොදන ආකාරය....

තව කතාවක් මතක් උණා , පොඩි එකෙක් රචනාවක් ලිව්වාලු බල්ලා ගැන, මේ වගේ.. බල්ලා ට කකුල් 4 ක් තිබේ,බල්ලාට වලිගයක් තිබේ, බල්ලා කන්නේ බත්ය, බල්ලා බුරණවාය, බල්ලා අපිව හොරුන්ගෙන් අපිව ආරක්ෂා කරනවා...ආදි  වශයෙන් ..

රචනාව බලපු ටීචර් කොල්ලට ලකුණු 9/10 දීලා කිව්වාලු පුතා ඔයාගේ රචනාව ගොඩක් හොදයි , බල්ලා කියන නාම පදය එක පාරක් ලිව්වාම ඇති , ආයෙත් ඒ ගැන සදහන් කරණ කොට, බල්ලා වෙනුවට "ඌට" යන්න ලියන්න කියලා (ඌට වලිගයක් තිබේ, ඌ බුරණවාය ආදි  වශයෙන් ලියන්න කියලා.

ටීච ඉස්කොලේ ආපු නැති දවසක කොල්ලන්ගෙ සද්ද බද්ධ වැඩිණිසා ප්‍රින්සිපල් සර් පංතියට ඇවිත් කිවවාලු කොල්ලන්ට සද්ද බද්ධ නැතුව රචනාවක් ලියන්න ,මම පැය භාගයකින් එනවා කියලා.

කිව්වා වගේ පැය භාගයක් ඇතුළත class එකට ආපු ප්‍රින්සිපල් අර බල්ලා රචනාව ලියපු කොලු පැටියගේම පොත ගත්තලු බලන්න.මාතෘකාව අපේ ප්‍රින්සිපල් .. එක දැක්කාම , බොහොමත් ප්‍රිතියෙන් පිනා ගිය පිනා බොහොම හොදයි , බොහොම හොදයි කියමින් රචනාව කියවගෙන යනවලු.

අපේ ප්‍රින්සිපල් ගේ නම සිරිපාළය, ඌ අදින්නේ සුදු පාට කලිසමක් සහ කමිසයක් ය, ඌගේ අතේ නිතරම වේවැලක් තිබේ.... ආදි  වශයෙන්

මල පැනපු පිනා ඇහුවලු කව්ද මේහේම ලියන්න ඉගැන්නුවේ කියලා, කොල්ලා කිව්වලු අපේ ටීචර් කියලා,

සතියක් ඇතුළත ටීචර් ව දුෂ්කර පාළාතකට මාරුවක් ලැබිලා යන්න උණාලු.

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...