Showing posts with label කුටුම්බ ජීවිතය. Show all posts
Showing posts with label කුටුම්බ ජීවිතය. Show all posts

03 July 2023

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

 




අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත් සහ අපිරිසිදු හැඟීම් අපව ගැඹුරින් ස්පර්ශ කරන ආකාරයක් ඇත, අප බොහෝ විට නොසලකා හරින සරල නමුත් ගැඹුරු සත්‍යයන් අපට මතක් කර දෙයි. ඊයේ, අපේ නිවසේ කුඩා සිදුවීමක් දිග හැරුනේ, මගේ සිව් හැවිරිදි පුතාගේ සුන්දර මනස සහ දයානුකම්පිත ආත්මය පිළිබඳ දර්ශනයක් හෙළිදරව් කරමිනි. එය ළමා හදවත් තුළ රැඳෙන අනුකම්පාවේ බලය සහ අසීමිත සෙනෙහස සිහිපත් කරමින් අප සැවොම මවිතයට පත් කළ මොහොතක් විය.

ඒ සියල්ල ආරම්භ වූයේ සමනලයෙකුගෙනි. සියුම් ලෙස පියාඹමින්, එය අපගේ නිහතමානී වාසස්ථානයට ඇතුළු වූ අතර, එය ආශ්චර්යයක් සහ මායාවක හැඟීමක් ගෙන ආවේය. මගේ පුතා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා අමුත්තා දුටු විට, ඔවුන්ගේ දෑස් අහිංසක ප්‍රීතියෙන් දිලිසෙන විට උද්යෝගය වාතය පිරී ගියේය. මෙම කුඩා සත්වයා අනුකම්පාව සහ පරාර්ථකාමීත්වය පිළිබඳ හද උණුසුම් කරවන ප්‍රදර්ශනයකට උත්ප්‍රේරකයක් වනු ඇතැයි අප දැන සිටියේ නැත.

දෛවයේ හැටියට, සමනලයාගේ ගමන පව්කාර මුහුණුවරක් ගත්තේ, සිවිලිම මත උස් වූ, සැඟවී සිටි හූනෙකුගේ උගුලට හසු වූ බැවිනි. හූනන් ගේ ග්‍රහණයට එරෙහිව අරගල කරන අසරණ සතාගේ දසුන මගේ දරුවන්ගේ හදවත්වලට තදින්ම කාවැදුණා. නරුමත්වයෙන් බරක් නොවූ ඔවුන්ගේ තරුණ ආත්මයන්, සමනලයා ක්‍රියාත්මක වීමටත්, එහි ආසන්න විනාශයෙන් ගලවා ගැනීමටත් බල කෙරුනි.

සහෝදර සහෝදරියන් තිදෙනා එකට ගුලි වී, වහල් වූ සමනලයා නිදහස් කර ගැනීමේ ක්‍රම ගැන කල්පනා කළහ. ඔවුන්ගේ කටහඬ කාමරය පුරා පිරී ගියේ අධිෂ්ඨානයෙන් හා බලාපොරොත්තුවෙන් දෝංකාර දෙමිනි. ගෙවී යන සෑම මොහොතකම ඔවුන්ගේ කැපවීම වර්ධනය විය, හූනන්ගේ නොසැලෙන ග්‍රහණයෙන් ඔවුන්ගේ කලකිරීමද වැඩි විය. ඔවුන් කූරු, තාවකාලික මෙවලම් සහ ඔවුන්ගේම කටහඬ භාවිතා කරමින් කටුස්සාව පොළඹවා උගේ වහලා නිදහස් කිරීමට උත්සාහ කළහ. එහෙත් හූනන් නොසැලී සිටි නිසා ඔවුන්ගේ උත්සාහය නිෂ්ඵල විය.

මේ පොර අතරේ මගේ පුතාගේ අහිංසක කටහඬ කලබලයෙන් බිඳී ගියා. බලාපොරොත්තු සුන්වීම සහ ශෝකය මුසුව, ඔහු කෙලින්ම හූනන් ඇමතීය, ඔහුගේ වචන ඔහුගේ වයසට වඩා බොහෝ දුරට අනපේක්ෂිත ප්‍රඥාවේ මුතු ඇටයකින් දෝංකාර දෙයි. "ඒයි හූනන්, කරුණාකරලා සමනලයාට යන්න දෙන්න. මම ඔබට කුසලානයක් දෙන්නම්." ඒ මොහොතේ කාමරය පුරා දැඩි නිශ්ශබ්දතාවයක් ඇති විය. කිසිදු යටි අරමුණකින් හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජනයකින් තොර ඔහුගේ පිරිනැමීම ඔහුගේ අනුකම්පාවේ සාරය සංග්‍රහ කළේය.

කුසලාන සහ ඒවායේ වැදගත්කම ගැන සිව් හැවිරිදි දරුවෙකුට තේරුම් ගත හැක්කේ කුමක්ද? වැඩිහිටියන්ගේ ලෝකයේ, කුසලාන බොහෝ විට ජයග්‍රහණයේ සංකේත වේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ කැපවීමෙන් උපයා ගත් සම්මාන. එහෙත්, මගේ පුතාගේ අහිංසක මනස මෙම පිළිගැනීමේ ලාංඡනය සඳහා නව නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. ඔහුට කුසලානයක් නියෝජනය කළේ ඉතා වටිනා දෙයක්, අගය කිරීමේ සහ කෘතඥතාවයේ ඉරියව්වක් වන අතර එය කටුස්සෙකුට පවා තම වහලා නිදහස් කිරීමට ඒත්තු ගැන්විය හැකිය.

ඒ මුදු මොළොක් මොහොතේ, මගේ පුතාගේ වදන් තුළ ගැබ් වූ ගැඹුරු ප්‍රඥාව ගැන මට පුදුමයට පත් නොවී සිටීමට නොහැකි විය. සමනලයාගේ නිදහස වෙනුවෙන් කුසලානයක් හුවමාරු කර ගැනීමට ඔහුගේ පරාර්ථකාමී පිරිනැමීම අහිංසකත්වයේ නිර්මල බලය සහ දරුවෙකුගේ හදවතේ නොකැළැල් ස්වභාවය නිරූපණය කළේය. එය ලෝකයේ සංකීර්ණත්වයෙන් තොර වූ ඔවුන් තුළ පවතින අසීමිත ආදරය සහ දයාව පිළිබඳ සාක්ෂියක් විය.

මෙම සරල නමුත් ගැඹුරු සිදුවීම මා මෙනෙහි කරන විට, අපගේ දරුවන්ගෙන් අපට උගත හැකි අගනා පාඩම් මට සිහිපත් වේ. බොහෝ විට ආත්මාර්ථකාමීත්වය සහ ආත්මාර්ථකාමීත්වය දිරිමත් කරන ලෝකයක, මගේ පුතාගේ අහිංසක දයානුකම්පාව සංවේදනයේ සහ පරාර්ථකාමීත්වයේ වැදගත්කම පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් ලෙස සේවය කරයි. අපගේ ආශාවන්ගෙන් ඔබ්බට ගොස් ළඟා වීමට එය අපට උගන්වයි

08 March 2021

පොඩි දුවගේ කතා

 



නිවාඩු කාලය අල්ලලා දුවලා දෙන්නත් චූටි පුතත් කාටාර් ඇවිත් හිටිය 2019-අගොස්තුවල පොඩි දුවත් මමත් අතර වෙච්ච් සංවාධයක් මේ.

(පොඩි දුවගේ තුන්වෙනි උපන්  දිනය සැමරුවෙත් මෙම නිවාඩුවෙදි සහ ලොක්කට අව්රුදු 6ක්)

ඇය සෙල්ලම් බඩුවක් එක්ක තනියම සෙල්ලම් කරමින් හිටියේ, ඇයත් එක්ක කතාවකට මුල පුර්න්න කියලා හිතාගෙන ,

 

මම: පුතා ඔයා මොකද කරන්නේ....?

ඇය:ඇයි අප්පච්චි ඔයාගේ ඇස් පේන්නේ නැද්ද, මම මොකද්ද කරන්නේ කියලා....

මම: කතා නැත...... ,

 

-------------------------------------------------------------------

කොරොනා වලට ලොක් ඩවුන් වෙලා ඉන්න මේ දවස් වල ඉමෝ කොල් එකක් අතර තුර.

 

ඇය: අප්පච්!!! මල්ලි මාව වඩා ගත්ත්තා (මට ඇහිච්ච හැටි)

මම:(පුදුමයෙන් ) මල්ලි ඔයාව වඩා ගත්තා (මල්ලිට අව් රැද්දයි මස 5 ක තමයි වයස)

ඇය: නැහැ මල්ලි මාව බදා ගත්තා,

මම: එකනේ මල්ලි ඔයාට ආදරේයි නේද?

ඇය: ඔයා දන්නවද අප්පච්චි එකට කියන්නේ Hug කරනවා කියලා...

මම: ඇත්තද මම දැනගෙන හිටියේ නැහැනේ....

------------------------------------------------------------------------------------

අපේ  නොනා, තේ  බොන වෙලාවට  ක්‍රීම ක්‍රැකර් බිස්කට් එකක්  තමයි හපන්න ගන්නේ,

ඒයාලට වෙනම බිස්කට් එකක් තිබුනත්, අපේ කතා නායිකාව මේලො රහක් නැති උනත් අම්ම්ගේ ක්‍රිම් කැකර් එකකට දෙකකටත් වග කියනවා ( ඒයාගේ බිස්කට් එක කාලා අවහර කරලා).

 

ඉතිං අපේ පිංකා මෙලො රහක් ගුනක් නැති ක්‍රැකර් එක කන නිසා, අපේ නොනන චීස් ක්‍රැකර් එකක් ගෙනත්, එකත් නංගා  ප්‍රිතියෙන භුක්ති විදිමින් ඉන්නවා. අම්මා කියල අපේ ලොකු දුවට ඔයත් කන්න  කියලා, එයා යැක් කියලා අහක බලාගෙන, ඉතිං අපේ පිංකා බොහොම අඩම්බරයෙන් කියනවලු අම්මට.

 

අම්මි අක්කලා මල්ලිලා දන්නේ නැහැනේ මේවගේ තියෙන රස නේ........

--------------------------------------------------------------------------------------------------------

මම ඉමො කෝල් එකක ඉන්න අතරතුර අක්කා නගෝ  පුංචි වාදයක, චිකන් ගැන

කතාවේ මුල ටිකට මට කන්දුන්නේ නැහැ

අක්කා: අම්මේ නංගි කියනවා චිකන් ඊයා කියලා

අම්මා: චිකන් ඊයා නම් ඔයත් කන්නේ ඉල්ල ඉල්ලා

නංගි : චිකන් ඊයා කියලා කිව්වේ චිකන් , හොදයි කියලා....

විනාඩියක නිශ්ශබ්ද තාවයක්

හැරෙන හැරෙන පැත්තට කියන්න උත්තරයක් තියෙනවා.


16 July 2018

කොහෙන්ද මේ සතුට




ලොකුදුව සුරතල්
නංගිගේ මැරකම්
ඉවසන් කුළුනෙන්
හිනහෙයි සතුටින්

ඇයි දුව සතුටින්
ඇහුවම කුහුලේන්
පවසයි මෙලෙසින්
සුරතල් වඳනින්

"මතුයම් දවසක
මලයකු අවුදින්
කෙහි රොදකින් ඇද 
හඩවයි නංගිව

රිදුම් වලට තැවුම් පතා
අම්මා ලඟට දුවන නංගි.
සරණ පතා
මගේ ලඟට දුවන මල්ලි
මල්ලි වැලද සිප ගන්නා
රඟ මැව්නා රැව ඇදුනා.
සුව දැනුනා "


31 May 2018

විප්‍රලම්භ ශෘංගාරය

විප්‍රලම්භ ශෘංගාරය ගැන අහලා ඇතුවාට කිසිදු සැකයක් නෑ ප්‍රියයන්ගේන් වෙන්විම (තාවකාලිකව හෝ) නිසා ඇතිවෙන විරහවෙන් සිතේ හට ගන්නා ශෝක තාපයයන්ගේ රිදුම් අවසන ඇතිවන්නා සියුම් මිහිරි රසයකි, ,

එකි විප්‍රලම්භ ශෘංගාරසය ඇතුළු සාහිත්‍ය රස හදුන්වා දී රස විදින්නට උගන්නාවා ජිවිතයේ රස, ලොකයේ රඟ මේයයි  අතැඹුලක් සේ පසක් කරදුන් ගුරුවරුන්ටත්, හොද පොත-පත හා සිංදු අහන්න උත්තේජන සැපයු මිතුරන් ඇතුළු හැමට හද පිරිමේව්වා එක  හා ශිර්ෂ ප්‍රණාමය පුදකරනවා බැතියෙන්

අපිට සොම්නස සතුටත් අරගෙන ආපු ලොකූ දොණි ගේ උපතේ ඉඳලා අව්රුදු 5 ක් පුරාවටම සම්ප්‍රයොගයේ ප්‍රහර්ෂය උපරිමව අත්විදලා හිටං, මගේ ප්‍රාණසම ප්‍රියයන් මව්රටේ තනි කරලා කටාර් දේශයට සති දෙකකට කලින්  ගොඩ බැස්සා. එතැන්පටන්  කාමරයක  දිවි ගෙවන දරු-පවුල්කාර  තනිකඩයකු බවට පත් උණා උණා.  වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම විප්පයොගයේ  රස විදින්න ලැබුණා.මේතුවක් කල් නොදැනුණු විලසට ,විරහව ,හුදකලාව, දරුනුවටම දැනුණා ,ඒ සියලු වේදනාවන්ගේ කෙළවර, මේ-මොහෝතේ වියොවී තියෙන ආදරය වැඩියෙන් දැන්නේනවා ඒ ආදරය පිරුණු උණුසුම පියතෙපුල්  වැඩිවැඩියෙන් උවමනාවේලා




කොහොම වෙතත් උන් තුන් දේනා  තමයි මගේ පණ (ලොකුම ළමයත් එක්ක),.ලොකුදුවා(අක්කා)ඉපදුණු දවසේ (නෙමේ පිළිසිඳ ගත් දවසේ) ඉදලා දෙවැනියා (නංගි)ට දැන් අව්රුද්දයි මාස 8 වෙනකන් අපිවෙන් වෙලා ඉදලා නැහැ., ඒ කාලය පූරාවටම අපි හිටියේ ඕමානයේ මස්කට් අඟනුවර.පවුල් පිටින්ම අකුල ගෙන ලංකාවට ඇවිත් මම කාටාර් දේශය බලා පිටත් වෙනකම් තවත් මාස දෙකකටත් වඩා,


මේ විප්පයෝගයේන් මතුඋන විරහවෙන් මටත් වඩා , මම තනිකර  ආ අඹුදරුවන් පෙළනා බව සිකුරුයි.

අක්කී, එයා ගේ පුංචි හිතට මොනයම් හෝ  රිදිමක් ඇති උනාම මට අප්පච්චි ඕනේ කියලා අඩනවලු,  විප්පයොගයෙන් හුදකලා වු ඇයගේ ච්ත්තවේගයන් ප්‍රකාශවෙන්නේ ඒ විදිහට.ඒක නම් හරියට දැනුණා රිදුමකුක් (ලොකුපශ්චාත්තාපයක්) එක්ක , ඇයට  කල තරවටුවකදි හෙළු කදුළු ක් සිහිවේලා.

නංගි , vedio call එකකදි,, මාව දැක්කාම සතුටට  කෑගහනවා ඇස්දෙකේ කාන්තිය විහිදෙනවා සතුටට ෆොන්  එකට උම්මා වරුසාවක් දෙනවා ඒක ආයේ කාටවත් දෙන්නේ නැහැ,,මම ආවට පස්සේ සතියක් විතර යනකම් අම්මිගේ ඇගේ එල්ලිලාමලු හිටියේ කක්කුට්ටෙක් වගේ, කෙල්ල හිතන්න ඇති අප්පච්චි වගේ අම්මත් කෙල්ලව දාලා යාවි කියලා.

අන්තත දෙකක දෙන්නේක් නංගිගේ රළු ගති වැඩියි,අක්කිගේ උණු වෙන ගති හරිවැඩියි, අක්කව පාලනය කරගන්න බැරිම වේලාවක අම්මා ටිකක්  ඇඩුවොත් අක්කිටත්  ඇඩිලා වැඩේ සමථයකට පත්වෙනවා, නංගිව ඒක්‍රමයට පාලනය කරන්න,හොමවත්බැහැ එහෙම කරොත් , අම්මාව කොනිත්තනවා, තව ටිකක් හයියෙන්  අඬන්න.

අම්මි මගේ මැණික ,දුකක්  සාංකාවක් ගැන මොකුත් කියන්නේ නැහැ එදිනේදා දවස ගෙවුණු හැටි මිසක, ඒත් ඒ ඇස් අග සැගවිලා තියෙන ශෝ දුක්  කන්දරාව මට නොදැනේනවවා  නොවේ.
මූහුණු පොතේ වීයෝ චැට් එකක් අතර තුර ගත්ත මේ පින්තුරයත් එක්ක  මේ පද පේලී ටික ලිව්වේත් මේ හැඟිම් සමුදායම හිතේ හොල්මන් කරපු වෙලාවක. (25/05/18)

ආදාල සත්‍ය පින්තුර්ය අයින් කරා අද (08.08.18)




හඳ පතුලේ ඉම කිමිද
කිති කවන, පිරිමදින
ඔය සිනා තුන නැතිව
දුර ඇවිත් මම  මේහේ
ළඟ නැතත්
මගේ ළඟයි
හුරතළේ තව වැඩියි
ජිවිතේ, මේතමයි”

මම දාපු පොස්ට් එකට කිහිප දෙනෙක් ප්‍රතිචාර (Comments) දක්වලා තිබුණත්, මගේ මැණික වගේම දරුවන් එක්ක මව් රටේ තනිවෙලා ඉන්න ( අපි වගේම කලින් ඕමානයේ සහ පසුව කාටර් වල ජිවත්වෙලා), කටාර් වලම සේවය කරන උදයංග මල්ලි ගේ බිරින්දා -නංගි-තමයි මගේ බිරින්දාගේ සහ දරුවන්ගේ මුහුණුවල තිබුණ හැගිම් එක්ක අරපද පේලින් මම කියන්න හා නොකියා ඉන්න තනපු,හැගීම් සමුදාය සමග ඒකාත්මික වු අදහස් දැක්විම කරලා තිබුණේ,

විද්‍යාපීඨ පුහුණු ඉංග්‍රිසි ගුරුවරියක් වන ඇය ඉංග්‍රි සියෙන් කරණ ලද ඇයගේ අදහසේ චායානුවාදය මේ වගේ එකක්.

අයියා මේක හරිම සුන්දර පින්තුරයක්, මගේ ඇස් අහකට ගන්න හිත් දෙන්නේම නැහැ. ළමයින්ගේ මුහුණු සුන්දර සිනහවන් ගේන් ඔපවත්වි වේලා සමහරවිට ඔවුන් වීඩියෝ කොල් එකකදි ඔවුන්ගේ පියා දේස බලමීන් සිටියදි ගන්නා ලද්දක් වියහැකියි .අක්කාගේ මුහුණේ තීයෙන හැගිම් සමුදායම මට තදින්ම දැනේනවා, ඇගේ ලොකයේ වටිනාම වස්තුන් 2 අතදරා නුඹ දෙස බලාහිදිනා ඒ මුහුණේ ඇති තනිකම, දුක, විශේෂයෙන්ම ඇයගේ කාන්තිමත් නේතු සඟළින් විහිඳෙන නුඹ කෙරෙහි වු ඇයගේ ආදරය හා උණුසුම, මේහි ඇති සුන්දරම දේය නමනම් ඔවුන් (ඇය) කඳුළු සඟවා සිනා සෙමින් සිටිමයි.

නාඩි වක්‍යයක් කිව්වා වෙග් නංගි !!!!!!!!!!!! මෙච්චර දිහ බ්ලොග් post එකක් කාලේකට පස්සේ ලියන්න උත්තේජනයක් උනේත් ඔයාගේ ඔය comment එක.ඔයාටත් හදපිරි උත්තමාචාරය.

පසුව ලියන සටහනක්
විප්‍රලම්භ ශෘංගාරය රසය කුළු ගන්වන ගීත කිහිපයක්

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ


බොල් වී අහුරු...



පායා ඇයි හිනැහෙන්නේ




14 May 2017

සිංහයා සහ පැටව් (The Daddy lion and baby lions)



 



Lion and cubs


අපේ ලොකු දොනිට අපි ආදරෙට කතා කරන්නේ සුදු (පුතා )කියලා ,දැන් අවුරුදු හතරේ කඩ ඉමට පාතබන්න තව සතියක් විතර තියෙනවා.ඇගේ දගකාර කම් නිමක් නැහැ අම්මාගෙන් වගේම මගෙනුත් බැණුම් වලත්ත් කෙළවරක් නැහැ ඒත ඳග වැඩ වලත් අඩුවක් නැහැ කරණ දග වැඩ වලත් සීමාවක් නැහැ.

තනි අයිතියට තිබුණු අපේ ආදරය, කාලය සහ අවධානය නංගි ආවට පස්සේ බෙදිලා යාම නිසා සමහර වෙලාවට අපේ අවධානය ගන්නම දඟවැඩ කරනව, එ කොහොම වෙත්ත් දැන්නම් නංගි නැතුවම බැහැ එයාට, හරි ආදරෙයි නංගිට

සත්තුන්ට හරිම ආදරේ, චුටි දවස් වල ඉදලම බල්ලෙක් පුසෙක් දැක්කොත් කෑ ගහනවා සතුටට, කියවනවා ඌ ගැන විස්තරකරනවා, බලන්න එයාට දිග වලිගයක් තියෙනවා, එයත් ඤාව් ඤාව් ගානවා ඌගේ පස්සෙන් යනවා ප්‍රශ්න වැලැයි අන්තිමට ඌ ගියාම කොහේද ගියේ ආයෙත් එන්න නැද්ද. ඔය වගේ.


අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...