31 May 2018

විප්‍රලම්භ ශෘංගාරය

විප්‍රලම්භ ශෘංගාරය ගැන අහලා ඇතුවාට කිසිදු සැකයක් නෑ ප්‍රියයන්ගේන් වෙන්විම (තාවකාලිකව හෝ) නිසා ඇතිවෙන විරහවෙන් සිතේ හට ගන්නා ශෝක තාපයයන්ගේ රිදුම් අවසන ඇතිවන්නා සියුම් මිහිරි රසයකි, ,

එකි විප්‍රලම්භ ශෘංගාරසය ඇතුළු සාහිත්‍ය රස හදුන්වා දී රස විදින්නට උගන්නාවා ජිවිතයේ රස, ලොකයේ රඟ මේයයි  අතැඹුලක් සේ පසක් කරදුන් ගුරුවරුන්ටත්, හොද පොත-පත හා සිංදු අහන්න උත්තේජන සැපයු මිතුරන් ඇතුළු හැමට හද පිරිමේව්වා එක  හා ශිර්ෂ ප්‍රණාමය පුදකරනවා බැතියෙන්

අපිට සොම්නස සතුටත් අරගෙන ආපු ලොකූ දොණි ගේ උපතේ ඉඳලා අව්රුදු 5 ක් පුරාවටම සම්ප්‍රයොගයේ ප්‍රහර්ෂය උපරිමව අත්විදලා හිටං, මගේ ප්‍රාණසම ප්‍රියයන් මව්රටේ තනි කරලා කටාර් දේශයට සති දෙකකට කලින්  ගොඩ බැස්සා. එතැන්පටන්  කාමරයක  දිවි ගෙවන දරු-පවුල්කාර  තනිකඩයකු බවට පත් උණා උණාවචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම විප්පයොගයේ  රස විදින්න ලැබුණා.මේතුවක් කල් නොදැනුණු විලසට ,විරහව ,හුදකලාවදරුනුවටම දැනුණා , සියලු වේදනාවන්ගේ කෙළවරමේ-මොහෝතේ වියොවී තියෙන ආදරය වැඩියෙන් දැන්නේනවා  ආදරය පිරුණු උණුසුම පියතෙපුල්  වැඩිවැඩියෙන් උවමනාවේලා




කොහොම වෙතත් උන් තුන් දේනා  තමයි මගේ පණ (ලොකුම ළමයත් එක්ක),.ලොකුදුවා(අක්කා)ඉපදුණු දවසේ (නෙමේ පිළිසිඳ ගත් දවසේ) ඉදලා දෙවැනියා (නංගි) දැන් අව්රුද්දයි මාස 8 වෙනකන් අපිවෙන් වෙලා ඉදලා නැහැ., කාලය පූරාවටම අපි හිටියේ ඕමානයේ මස්කට් අඟනුවර.පවුල් පිටින්ම අකුල ගෙන ලංකාවට ඇවිත් මම කාටාර් දේශය බලා පිටත් වෙනකම් තවත් මාස දෙකකටත් වඩා,


මේ විප්පයෝගයේන් මතුඋන විරහවෙන් මටත් වඩා , මම තනිකර  ආ අඹුදරුවන් පෙළනා බව සිකුරුයි.

අක්කී, එයා ගේ පුංචි හිතට මොනයම් හෝ  රිදිමක් ඇති උනාම මට අප්පච්චි ඕනේ කියලා අඩනවලු විප්පයොගයෙන් හුදකලා වු ඇයගේ ච්ත්තවේගයන් ප්‍රකාශවෙන්නේ ඒ විදිහට.ඒක නම් හරියට දැනුණා රිදුමකුක් (ලොකුපශ්චාත්තාපයක්) එක්ක , ඇයට  කල තරවටුවකදි හෙළු කදුළු ක් සිහිවේලා.

නංගි , vedio call එකකදි,, මාව දැක්කාම සතුටට  කෑගහනවා ඇස්දෙකේ කාන්තිය විහිදෙනවා සතුටට ෆොන්  එකට උම්මා වරුසාවක් දෙනවා ඒක ආයේ කාටවත් දෙන්නේ නැහැ,,මම ආවට පස්සේ සතියක් විතර යනකම් අම්මිගේ ඇගේ එල්ලිලාමලු හිටියේ කක්කුට්ටෙක් වගේ, කෙල්ල හිතන්න ඇති අප්පච්චි වගේ අම්මත් කෙල්ලව දාලා යාවි කියලා.

අන්තත දෙකක දෙන්නේක් නංගිගේ රළු ගති වැඩියි,අක්කිගේ උණු වෙන ගති හරිවැඩියි, අක්කව පාලනය කරගන්න බැරිම වේලාවක අම්මා ටිකක්  ඇඩුවොත් අක්කිටත්  ඇඩිලා වැඩේ සමථයකට පත්වෙනවා, නංගිව ඒක්‍රමයට පාලනය කරන්න,හොමවත්බැහැ එහෙම කරොත් , අම්මාව කොනිත්තනවා, තව ටිකක් හයියෙන්  අඬන්න.

අම්මි මගේ මැණික ,දුකක්  සාංකාවක් ගැන මොකුත් කියන්නේ නැහැ එදිනේදා දවස ගෙවුණු හැටි මිසක, ඒත් ඒ ඇස් අග සැගවිලා තියෙන ශෝ දුක්  කන්දරාව මට නොදැනේනවවා  නොවේ.
මූහුණු පොතේ වීයෝ චැට් එකක් අතර තුර ගත්ත මේ පින්තුරයත් එක්ක  මේ පද පේලී ටික ලිව්වේත් මේ හැඟිම් සමුදායම හිතේ හොල්මන් කරපු වෙලාවක. (25/05/18)

ආදාල සත්‍ය පින්තුර්ය අයින් කරා අද (08.08.18)




හඳ පතුලේ ඉම කිමිද
කිති කවන, පිරිමදින
ඔය සිනා තුන නැතිව
දුර ඇවිත් මම  මේහේ
ළඟ නැතත්
මගේ ළඟයි
හුරතළේ තව වැඩියි
ජිවිතේ, මේතමයි”

මම දාපු පොස්ට් එකට කිහිප දෙනෙක් ප්‍රතිචාර (Comments) දක්වලා තිබුණත්, මගේ මැණික වගේම දරුවන් එක්ක මව් රටේ තනිවෙලා ඉන්න ( අපි වගේම කලින් ඕමානයේ සහ පසුව කාටර් වල ජිවත්වෙලා), කටාර් වලම සේවය කරන උදයංග මල්ලි ගේ බිරින්දා -නංගි-තමයි මගේ බිරින්දාගේ සහ දරුවන්ගේ මුහුණුවල තිබුණ හැගිම් එක්ක අරපද පේලින් මම කියන්න හා නොකියා ඉන්න තනපු,හැගීම් සමුදාය සමග ඒකාත්මික වු අදහස් දැක්විම කරලා තිබුණේ,

විද්‍යාපීඨ පුහුණු ඉංග්‍රිසි ගුරුවරියක් වන ඇය ඉංග්‍රි සියෙන් කරණ ලද ඇයගේ අදහසේ චායානුවාදය මේ වගේ එකක්.

අයියා මේක හරිම සුන්දර පින්තුරයක්, මගේ ඇස් අහකට ගන්න හිත් දෙන්නේම නැහැ. ළමයින්ගේ මුහුණු සුන්දර සිනහවන් ගේන් ඔපවත්වි වේලා සමහරවිට ඔවුන් වීඩියෝ කොල් එකකදි ඔවුන්ගේ පියා දේස බලමීන් සිටියදි ගන්නා ලද්දක් වියහැකියි .අක්කාගේ මුහුණේ තීයෙන හැගිම් සමුදායම මට තදින්ම දැනේනවා, ඇගේ ලොකයේ වටිනාම වස්තුන් 2 අතදරා නුඹ දෙස බලාහිදිනා ඒ මුහුණේ ඇති තනිකම, දුක, විශේෂයෙන්ම ඇයගේ කාන්තිමත් නේතු සඟළින් විහිඳෙන නුඹ කෙරෙහි වු ඇයගේ ආදරය හා උණුසුම, මේහි ඇති සුන්දරම දේය නමනම් ඔවුන් (ඇය) කඳුළු සඟවා සිනා සෙමින් සිටිමයි.

නාඩි වක්‍යයක් කිව්වා වෙග් නංගි !!!!!!!!!!!! මෙච්චර දිහ බ්ලොග් post එකක් කාලේකට පස්සේ ලියන්න උත්තේජනයක් උනේත් ඔයාගේ ඔය comment එක.ඔයාටත් හදපිරි උත්තමාචාරය.

පසුව ලියන සටහනක්
විප්‍රලම්භ ශෘංගාරය රසය කුළු ගන්වන ගීත කිහිපයක්

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ


බොල් වී අහුරු...



පායා ඇයි හිනැහෙන්නේ




අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...