14 May 2017

සිංහයා සහ පැටව් (The Daddy lion and baby lions)



 



Lion and cubs


අපේ ලොකු දොනිට අපි ආදරෙට කතා කරන්නේ සුදු (පුතා )කියලා ,දැන් අවුරුදු හතරේ කඩ ඉමට පාතබන්න තව සතියක් විතර තියෙනවා.ඇගේ දගකාර කම් නිමක් නැහැ අම්මාගෙන් වගේම මගෙනුත් බැණුම් වලත්ත් කෙළවරක් නැහැ ඒත ඳග වැඩ වලත් අඩුවක් නැහැ කරණ දග වැඩ වලත් සීමාවක් නැහැ.

තනි අයිතියට තිබුණු අපේ ආදරය, කාලය සහ අවධානය නංගි ආවට පස්සේ බෙදිලා යාම නිසා සමහර වෙලාවට අපේ අවධානය ගන්නම දඟවැඩ කරනව, එ කොහොම වෙත්ත් දැන්නම් නංගි නැතුවම බැහැ එයාට, හරි ආදරෙයි නංගිට

සත්තුන්ට හරිම ආදරේ, චුටි දවස් වල ඉදලම බල්ලෙක් පුසෙක් දැක්කොත් කෑ ගහනවා සතුටට, කියවනවා ඌ ගැන විස්තරකරනවා, බලන්න එයාට දිග වලිගයක් තියෙනවා, එයත් ඤාව් ඤාව් ගානවා ඌගේ පස්සෙන් යනවා ප්‍රශ්න වැලැයි අන්තිමට ඌ ගියාම කොහේද ගියේ ආයෙත් එන්න නැද්ද. ඔය වගේ.



එයාගේ සෙල්ලම් බඩු ගොඩෙත් සැහෙන්න ප්‍රමණයක් ඉන්නේ ප්ලාස්ටි සහ රබර් සත්තු, උන් එක්ක තමයි වැඩිපුරම සෙල්ලම් කරන්නේ, උන්ව වෙන්කරනවා Farm Animals සහ wild Animals වශයෙන්, අයෙත් pet animals සහ dangers animals වශයෙන්. ආයෙත් සත්තු කිහිපදෙනේ අරගෙන වෙන්වෙන් වශයෙන් එයා හඩ කවනවා සත්තුන්ට හඩ කවමින් දෙබස් සහිත කතාවක්

ඒ කථාවල සිද්ධවෙනවා මරු මරු දෙවල් , කොටි පියාබනවා, මීයා කොටියව කනවා, ගෙම්බා ඩයිනොසර්ව එලවනවා.කව් රු හරි සතෙකුට උදව් ඕන උණොත් එයා ගෙන්වන්නේ එයාගේ Cartoon වීර චරිත වන paw petrol team එක. (කොල්ලෙක් සහ බල්ලන් set එකක්)

අම්මියි මමයි තමයි ප්‍රෙක්ෂකයෝ , ඔය කරන වැඩ වලට අපිට හිනා යනවා සමහර වෙලාවට නවත්ව ගන්න බැරි වෙනකම්ම, අපේ දොනිට හරියට තරහා යනව එතකොට, අත්දෙක ඉනට අරන් බොහොම සද්දෙන් කෑගහල කියනව අපිට it’s not funny!!, එතකොටත් අපේ හිනාව නැවතුණේ නැත්නම් it’s not funny at all !! මොනවා කරනන්ද අපිසද්දේ වහලා ඉන්නවා.


පහුගිය පෙබරවාරි නිවාඩුවට ගියවේලේ එක්කන් ගියා සත්තු වත්ත බලන්න, සිංහයන් ට වෙන් කරලා තිබුණු ප්‍රදේශයේ හිටියේ සිංහ දෙනුවක් සහ පැට්ව් කිහිප දෙනේක් විතරයි, එතිං එයාට එක මාර ප්‍රශ්නයක් , අහනවා where is the daddy lion සිංහ තාත්තා කෝ) කියලා එයාම උත්තරෙත් දෙනවා I know ,he has gone to the office (මම දන්නවා ඒයා ඔෆිස් ගිහින්),

හරි හුරතල් කතාව, එක එහෙමනෙවෙයි කියන්න අපි දෙන්නම උත්සහ කරේ නැහැ මොකද එහෙම උත්තරයක් එයා ගල්පා ගැනිමම ලොකුදේයක් , ඔව් පුතා සිංහ තාත්තා office ගිහින් කියලා එයාගේ උත්තරය අපි අනුමත කරා, අපි දෙන්නම විමිතියට වගේම ලොකු සතුටක් සුදු දුවගේ ,.....

ඒ උත්තරය අවුරුදු 3ක් තිසිසේ එයා අත්විදපු ජිවිත කතාව තමයි සැගවීලා තිබුණේ

තමන්ගේ පව්ලත් එක්ක මැදපෙරහිග සෙවය කරණ අපි වගේ පව්ලවල බිරින්දා වරුන්ගේ සහ දරුවන්ගේ , බාහිර ලොකය නොදකින තවත් පැති කඩක් තමයි ඔය දුවාගේ උත්තරෙ සැගවිලා තියෙන්නේ , බහුතරයක් වර්ග අඩි 150 ක් විතර තට්ටු නිවාස යක් තමයි ජිවත් වෙන්නේ සැමියා සේවයට ගිහින් එනකම් එක්ටැම් ගෙයක් වගේ ඇතිලට වෙලා තමයි ඉන්න තියෙන්නේ , එළි පහළියට යන්න කියලා මිදුලක් පාරක් නැහැ , පැය 12-18 තනියමම තමයි ඉන්න තියෙන්නේ, ඉතින් දරුවන් ඉන්න බිරින්දා වරුන්ට තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව ගතවෙනවා නොතෙරුණත් , තනියම ඉන්න බිරින්දා වරුන් සහ දරුවන් ගත කරන්නේ කොටු කරගෙන හදන සත්තු වගේ අර්ධ සිරගත ජිවිත්යක්,

සති අන්ත සිකුරාදා දිනය හැරෙන්නට දරුවන්ගේ දවසේ වැඩි හාරියක් ගත වෙන්නේ තාත්තල නැතිව අම්මලත් , එක්ක තාත්තා කෝ අම්මේ කියන ප්‍රශ්නය තම්යි දරුවන්ගේ හිතේ මුවේ රැදිලා තියෙන්නේ, එහේත් හැමදාම එකම් උත්තරය, ඔෆිස්,ඔෆිස්...

එතින් තාත්තා නැතිව අම්මත් එක්කසිංහ පැටව් සෙල්ලම් කරන්නේ , සිංහ තාත්තා ඔෆිස් ගියපු නිසා න්තිව කියන උත්තරය දුවාගේ මේදක්වා ගතකරපු ජිවිත අත් දැකිම.මට ආඩම්බර එයා , එයාගේ අත්දැකිම වෙන්ස්ම සංසිද්ධියක් එක්ක ගලපා ගත්ත අපුරුව සහ ඇයගේ තර්කණය  හා පරිකල්පන  හැකියාව

අපේ නිවාඩු ගිහින් ආවට පස්සේ මේ එයාගේ බොඩ් එකේ ඇදපු චිත්‍රයකක් මේ

 

ඔය පසුබිමින් බිත්තියෙ තියෙන්නේත් එයා ඇදපු බලි තමයි , ගෙදර හැම බිත්තියක්ම ඔහොමතම්යි,

එතින් මම ඔෆ්ස් ඉදලා ගෙදර ගිහින යතුර හිලට යතුර දාන් කොටම කොහේ හිටියත් කෙල්ල දොර ළග, වඩා ගෙන උම්මා එකක් දෙන්න ඕන, ඊට පස්සේ කේලම අම්මා බැන්නා ගැහුවා, නැතිනම් අම්මාගේම නඩු.. එහෙමත් නැතිනම් එයා කරපු හපන් කමක් පෙන්නන එක, මෙක ඇදපු දවසත් ඒ වගේ, ගෙට ඇතුල් උණ ගමන් අප්පච්චි close your eyes ,ඉතින් මම ඇස් වහගෙන එයගේ ඇත අල්ලාගෙන යනව ඇස් අරින්න කිව්වවන අරිනව එතින් මේ චිත්‍රය මගේ ඉස්සරහ මම ඇහුවා .මොකද්ද පුතා මේ .මේ සිංහයෙක් ..ඉතිං එයාට ලැබිය යුතු අගය කිරිම මම දෙනවා wow very beautiful sudu, very nice කෙල්ලට උම්මා එකකුත් දුන්නාම මුහුණ අඩම්බරයෙන් සහ සන්තොසෙන් පිරිලා.

මේ කව්ද පුතේ ඔයා ඇදලා තියෙන්නේ
දුවා: සිංහයෙක්
ඉතිං මට විස්තර කරනව මේතියෙන්නේ ඇස්,කට,කකුල්

යටට වෙන්නත තව, බොල වගයක් ඇදලා තියෙනව , එවා පෙන්නලා ඇහුවා පුතේ මේ මොනවද පුතේ කියල,
එතින් කෙල්ල කියනවා, these are baby lions inside the mummy's tummy ( සිංහ පැටව් ,සිංහ අම්මගේ බඩ ඇතුළේ)

කෙල්ලගේ පරිකල්පන හැකියාව (Imaginative ability) ගැන මට හරියට සතුටු හිතුණා, හිනාත් එක්ක ,නමුත් හිනා වෙන්නත බැහැනේ, කෙල්ලගේ මූඩ් එක වෙනස් උණොත්.

නංගි අම්මිගේ බඩ ඇතුලේ හිටියා, ටික ටික ලොකු වෙනව එයා දැක්කා, බඩට කන තියන් අහගෙන හිටියා නංගි දගලන සද්දේ, අම්මි හොස්පිටල් අඩ්මිට් උණාම තාත්තා එක්ක තනියම ගෙදර හිටියා රස නැති මම උයපු කැම අමාරුවෙන් කැවා, ඔය සම්පුර්ණ ක්‍රියාවලියටම එයා සක්‍රියව මුහුණ දුන්නා,අත් දැක්කා , අපහසුකම් විදදරා ගත්තා, පොඩි උණාට ඒ අමාරු කාලේ කෙල්ල බොහොම සහයොගයෙන් මාත් එක්ක හිටියා තෙරුම් අරගෙන මුල් දවසේ ඇඩුවා අම්මා ඕනේ කිය්ලා නිදාගන්න, ඒ වෙනකම් අම්මා නැතිව නිදාගෙනම නැහැ, ඊළග දවසේ නිදා ගන්න ගියාම කෙල්ලම මට කියනවා, අප්පච්චි අම්මි උවා වෙලා නංගි ගෙන්න hospital ගිහින් අපි දැන් sleep වෙලා උදේට අම්මි බලන්න යන් කියලා, මටත් හරියට දුක හිතුණා කෙල්ල ගැන්.

ආයෙත් වර්ථමානයට චිත්‍රය ගැන………

එතකොට මේ චුටි ඩොට් එක it is ball for babies to play ( බෝල්යක්ලු පැටව්ට සෙල්ලම් කරන්න)

ඉතිං කෙල්ල උස්සගෙන් උම්මා එකක් දුන්නා, You are the most cleverest girl in the whole world - (මෙ මුළුු ලොකේම ඉන්න දක්ෂම කෙල්ල ඔයා තමයි කියලා) , කෙල්ල හරි කැමතියි එහෙම කියනවට. එයා ආස තවත් කාටුන් එකක් වන Pepa pig එකේ එන දෙබසක්.පුන්චි දරුවෝ කරන චුටි දෙයක් උණත් මහ ඉහලින් අගය කරන්න. වර්ණනා කරන්න ඕනේ කියන කරණාව තදින්ම හිතට දැනුණේ දුවත් එක්ක ඔය කාටුන එක බලද්දී තමයි,

නැසිගිය බණ්ඩාර අතාවුදයන්ගේ මගේ පොඩි දුව හොද කීකරු ළමයෙක් සිංදුවත් එක්කම මේ පොස්ට් එකට නැවතිමක් තියනවා අදට, හුරතල් කතා, සීනා සමග තවත් පොස්ට් එකකින් හමුවෙමු.



පසුව ලියමි

මේ සිංදුවෙන් කියවෙන්නේ යොවින් වියට එළබුණ , දියණියක් ගැන පියකුගේ හැගිම් උණත්
සිංදුවේ අන්තරා කොටසකදි කියන මේන්න මේ පද පෙළ

කීව කතා-බස් මතකයි තවමත්
අප හිත් සනහා කිරි හුරතලයෙන්”


මේ මොහොතේ මා විදිනා දාරක ප්‍රෙමයේ/සුරතල් බවේ,සුනදරත්වයම කියා පාන්නක්
 

ඊටත් පසුව ලියමි



මේ පොස්ට් එකේ ලින්ක් එක මුණුපොතේ මිතුරු මිතුරියන් සමගත් බෙදා ගත්තා කටාර් වල සේවය කරණ වෙසෙන මිතුරියක් ( මගේ මිතුරෙක් වන ඇයගේ ස්වාමිපුර්ෂයා සමග කාටාර් වල වසය කරන්නේ ඔවුන් දේදෙනාම එහේ සේවය කරනවා ඉතින් දරුවන්ගේ (දියණියක් සහ පුතෙක් ) තාත්තා විතරක් නේමේ අම්මත් පැය 12-18 ඔෆිස්)



ඇය පළකරපු හෘද්‍යාංගම සහ සංවේදි ප්‍රතිචාරය/විවරණය මේ කථාවේම (පොස්ට් එකේම) දිගුවක් (ඌන පුර්ණයක්)

---------------

අයියේ,  මේ අපි මෙහෙම ඉදගෙන ජීවත් වෙන ලෝකෙ නිසා දරුවන් දකින ලෝකේ තමයි හරිම අපූරුවට අයියා අකුරු කරලා තියනවා



දෝනි වගේම තමයි අපේ අයත්... ගෙදර එලියෙ ඉන්න පූස් පැටියා නෑ කොහේ ගිහින්ද, අහුවත් ඔෆිස් යන්න ඇති කියලා කියන්නේ ...


එක අතකට දුකත් හිතෙනවා...සල්ලි හොයන්න අපි ගෙවන ජීවිතේ නිසා දරුවන්ගේ ලස්සන ලෝකෙ අහිමි වෙනවාද කියලා



දරුවා දකින ලොකේ බලන්නකෝ... බඩෙ හිටියත් බෝලයක් ඔනි සෙල්ලම් කරන්න... මොකද සති අන්තේ එලියට ගියොත් ඇරෙන්න එයාල ඉන්නෙ සෙල්ලම් බඩු එක්ක විතරයි



පුලුවන් තරම් ඉක්මනින්ම අපි පුංචි කාලෙ වින්ද දේවල්, දැක්ක ලෝකෙ දකින්න දෙනවා නම් ඒක තමයි අපිට කරන්න පුලුවන් හොඳම දේ...අයියගේ කතාව කියවද්දී මටත් කදුලු ආවා... පව් පුංචි පැටව්

---------------




6 comments:

  1. පොඩි ලමයින්ට ඒ ගොල්ලොම හදාගත්ත වෙනම ලෝක තියනවා

    ReplyDelete
  2. ඔව් ඇනෝ මිත්‍රයා (Anonymous14 May, 2017 09:58) සහතික ඇත්ත, ස්තිතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  3. ජයවේවා දිගටම ලියන්න

    ReplyDelete
  4. තැන්ක් යු වේවා මාතලන්
    comment එකට වගේම,සින්ඩියට එකතු කරගත්තට

    ReplyDelete
  5. Replies
    1. සත්තු වත්ත යන යෙදුම ගැනද ඔබ විමසන්නේ ??

      Delete

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...