18 May 2017

අප්පච්චි!!!

අප්පච්චි!!!


තානා දරුකැලක්
ජිවිතේ මැදිවියේ
ඉසිබු ලන්නටවත්
නිවනක් නැතිවම
දිවියේ සැදැ-සමයෙත්
කෘෂව ගිය ගතින්-බොඳව ගිය නෙතින්
දහදිය-කඳුළු හෙලමින්.
නිමක් නැති වේදනා විදි
අප්පච්චි!!

දුක්- තැවුල්
බීඩියක දුම් සමඟ
පා කර යවා හිස් අහසට.
පිරුණු ළපටි කුස් සයකින්
පොලා පැන්න සිනා කැකුළු
ඇස්මානේ රදවා ගෙන
සතුටු දියේ සිසිලස විදි
අප්පච්චි!!!

7 comments:

  1. තාත්තලාට කළගුණ සැලකිය යුත්තේ අප ද හොඳ තාත්තලා වීමෙනි.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි රසික ඔබ සමග, ඔබ වගේම හොද තාත්තෙක් වෙන්න තමයි උත්සහය
      ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  2. හොඳ නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි!!! ඔබේ ප්‍රතිචාරයට

      Delete

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...