31 March 2020

දකුණු කොරියාවෙන් ඉගෙන ගනිමු

COVID 19 කොරොනා වෛරසය මර්ධනය මේහිලා ලොව හොදම් ප්‍රවේශයන්ගේන් එකක් ලේස පැසසුමට ල්ක්වෙන දකුනු කොරියානු 3T (Trace,Test,Treat)  ක්‍රියාන්විතය




මේ මොහත වෙන විටත් දකුණු කොරියාව ලොවවටා නයකයින්ගේ ප්‍රශංශවට ලක්වෙමින් පවතිනිව කොරොණා මර්ධන සටනේහිලා  ඔවුන් දැක්වු සාර්ථකත්වය ගැන.
ඔවුන් මෙම සාර්ථකත්වය ලබන්නේ  3T යනුවෙන් නම් කරන ලද  ඔවුන් විසින්ම ස්ථාපනය කරන ලද ක්‍රියාමරගයන්ට ක්ෂ්ණිකව අනුවර්ථනය විම සහ කඩිනම්ව ක්‍රියාත්මක වීම හරහා. 

3T නමින් හදුන්වන,T තුනකින් සමන්විත මේම ක්‍රියාවලිය වනුයේ

Trace - අනුරේඛනය 
Test    - පර්ක්ෂාකිරිම
Treat -  ප්‍රතිකාර කිරිම.


ඔවුන්ගේ මෙම සාර්ථකත්වය විදහාපමින් ලොවපුරා ආසන්න වශයෙන් රටවල් 120 ක් පමණ සොල් නුවරින් පහුගිය දින කිහිපය පුර  උපදේස් පතා තියෙනවා.

කොරියාවේ පලමු අසධිතයා වාර්ථාවෙන්නේ ජනවාරි 20, ඉතාලියේ ජනවරි 31 වෙනිදා
 කොරියාව මේවෙනකොට අසාධිතයන්ගේ සංඛි‍ය්‍යාව 10000 ට අඩුවෙන් පවතවාගෙන් යන අතර මරණ 158 ක් වාර්ථා වේලා තියෙනව. ඒ ව්ගේම තාලියට සාපේෂව සාමන්‍ය එදිනේදා ජිවිතයක් කොරියානුවන් ගතකරමින් සිරිනවා.

නමුත් මේවනකොට ඉතාලියේ ආසාධිතයන්ගේ සංඛ්ය්‍යාව 100,000 ඉක්මවා ගිහින් සහ  10000 ට වඩා මිය ගිහින්

දිපව්‍යාප්ත මට්ටමේන් කරගෙන යන පරික්ෂාකිරිම් (testing)  වලට සමඟාමිව අධිවෙගෙයෙන් කෙරිගෙන යන අසාධිත පුද්ගලයන් හා සම්බන්ධ්තා පැවැතුවන් සොයා යන (Contract tracing)  , ක්‍රමවේදය නිසා  නිසා අසාධිතයන් ඉතා ඉක්මනින්ම හුදකලකරණයට ලක් කොට (isolated)වෙගේම රොගය පැතිරිමේ වේගය පාළනය කිරිම තුළින් රොහල් වලය තත්වය මැනවින කළමනකර ගැනිමට හැකි වෙලා තියෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයෙන් තමන්ගේ රටට ආනයනය කිරිමට අවසර ලබාදිමත් සමඟ කොරියානු , කොරොනා පරික්ෂාකිරිමේ කට්ටල නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදනයන් සිය දහස් ගනකින් ඉහල දමා තිබෙනවා.පැය 7ක් ඇතුලත  පරික්ෂන වාර්තා ලබාදේන මෙම උපකරන ලබාගැනිමට ස්කොට් ලන්තය පවා සුදානමින් පසුවෙනවා.


මෙහෙයුම ක්‍රියාත්මක උනේ මේ ආකරයටයි


1.Test

මිලියන 51.5 ජනඟහනයෙක් වෙසේන රටේ මේදක්වා ආසන්න වශෙයෙන් පුද්ගලයන් හාරලක්ෂක් පමණ පරික්ෂා (test) කරලා තියෙනවා කරලා තියෙනවා (දල වශයෙන් දිනක්ට 4000 කට වඩා ටෙස්ට් ප්‍රමණයක්)

පරික්ෂවනෙග් ඇති කාර්යක්ෂම තාවය සහ වැඩපිලිවෙලෙහි ඇති සුක්ෂමතාව්ය අවබොධ කර ගැනිම ජයොන්ජි (Gyeongju) කියන   කුඩා ගමක ඉංග්‍රිසි ගුරැවරයෙකු හැටියට සේවය කරන එංගලන්ත ජාතික බෙන් ග්‍රිෆින්ගේ (Ben Griffin) අත්දැකිම මේහේමයි සාමන්‍යයෙන් කෙරෙනවෛද්‍ය පරික්ෂණ වගයකට (routing checkup) සහභාගිවෙන්න බුසාන් නගරයේ රොහොලකට ඔහු ඇවිත් තියෙනව, . රථගාලෙදිම  ඔහුව නාවත්වග්ත් සෞඛ්‍ය සේවක්යන් විසින් ඔහිගේ උෂ්ණතවය  , හා අනෙකුත් කොරොනාවට සම්බන්ධ රොග ලක්ෂණයන් පරික්ෂාකොට , ඔහුගේ විදේශ ගමන් පිලිබදවත් විස්තර සොයාබාල තියෙනවා. ඔහුගේ උෂ්ණත්වය (උන) සාමාන්‍ය අගයට වඩා මදක් වැඩි නිසා ඔහුට රොහලට ඇතුල් වෙන්න දීලා නැහැ, නමුත් Covid -19 ටෙස්ට් එකට යොමු කරලා තියෙනවා. 

ඔහු පවසන ආකරයට "පශ්නාවලියක් සහිත පොරමයක් පුරවන්න දුන්නා රොහොඅලෙන් පිටත පිහිටුවා ඇති තාවකාලික ගොඩ්නැගිලක්දි  ඉන් අනතුරැව , හොදින්  ආවරනය කරන (sealed) ලද ටෙන්ට් එකකට රැගෙන ගියා,, එහි ආරක්ශිත ඇදුම වලින් ආවරණය කරගත් පුද්ගලයන් හිටියාඑහිදි මූලිකව පරිෂා කිර්ම් 2 ක් සිදි උනා තත්පර 45 ඇතුලත, ප්‍රතමයෙන් දිග කොටන් බඩ් එකක් නහේ කෙලවරට ඇතුළු කරා සහ දෙවනුව උගුරට යමක් ඇතුළු කර තරලයන් එකතුකරගෙන"

2.Trace

මේම 3T ක්‍රියාදමයේ වැදගත්ම ක්‍රියාන්විතය ග්‍රිෆින්ගේ හා ඔහුගේ බිරිද කිය සිටියේඅසාධිතයකු සොයාගත් සැනින් ජංගම දුරගතන වලට ස්වයංක්රියව ක්රියාත්මක වන  කෙටි පණිවිඩ සේවයක් හරහා පුරවැසියන්ව   දැනුවත් කිරිම සිදු කරන බවයි..
කෙටි පණිවිඩය හරහා අධාල අසාධිතයා අවසන් පැයැ 72 ඇතුලත ආගිය තැන් පිළිබදව විස්තරයක් සපයන අතර,ඒම ස්ථානවල සැරි සරන ලද පුදගලයන්ගේන් ඉල්ලා සිටිනව වහාම සෞඛ‍ය්‍ය බළධාරිනව සම්බන්ධ කරගන්න කියලා,  පනිවිඩය අසාධිතයාගේ නම හෙලි නොකරන නමුත් ඔහුගේ වයස පදිංචිය හා රැකියා ස්ථානය අතුලත් වෙනවා.

රොගය වැලදි තවමත්  සුවය ලබමින් සිටින හුයුන් පාක් නම් කොරියානු මහාචර්යා , තමන් ලබමින් සිටින ප්‍රතිකරයන් ගැන දීර්ග සටහනක් මුනු පොතට එක්කරමින්  කියා සිටින්නේ ,සෞඛ්‍ය සම්පන්න තමන්, නිතර අත සොදන ජිම් ලොලියකු වු තමන් කොරොනා තමන්ට නොවැළදෙන්ය් ඇතැයි අදිතක්සේරැවෙන් සිටි මොඩයෙක් බවක්,

ඉතා සුළු උගුරේ අමාරැවක්,වියලි කැස්සක් සහ පපුවේ තෙරපුමකින් අරම්භ වෙච්ච්ච
පාක් මහතගේ රොග ලක්ෂණ නරක අතට හැරෙන කොට ඔහු කොරොනා වයිරස් හදිසි ඇමතුම් අංකයට සහ පාදේශිය සෞඛ්‍ය මධ්‍යස්ථානයට දැනුම් දීලා තියෙනව.ඔවුන් පාක් මහතාට දන්වලා තියෙනව රොහලෙන් ටෙස්ට් එක කරව ගන්න කියලා.ටෙස්ට් එකේ ප්‍රතිපල මත ඔහු අසාධිත්යෙක් බවට හදුනා ගෙන තියෙනවා,ඒ එක්කම නගර  සභාවෙන් නිලධාරිය්කු ඔහිව සම්බණ්ධ කරගෙබ ආපුප් ගියපු තැන සහ සමිප ඇසුර කරපු පුදගලයන්ගේ ලැයුස්තුවක් අරගෙන තියෙනව, අදාල කටයුතු සදහා

3.Treat
ප්‍රථිකාර
පාක් මහතා විස්තර කරන ආකාරයට නගර සභාවේ සේවකයින් සෞඛ්ය්‍ය මධ්‍යස්ථානයට දන්වලා තියේනවා කඩිනමින් ඔහිව රොහල් ගත කරන්න කියලා.
රොහල් ගතකරන ලද තමාව අධිසත්කාර එකකයයේ නොරොධායන අංශයයේ  ඇති  නිරොධාන කාමරකට (negative pressure room) අතුල්කරන ලද බව ඔහු පවසනවා.

"ඔවුන් එ සැනින්ම CT,ලේ  සහ X රේ වගේම තවත් බොහො ටෙස්ට් කරා ඒවගේම බේහේත් වරග සහ ඔක්සිජන් සැපයිමත් ඉකමනිනම සිදුකරා, ඔහු තවදුරටත් කියා සිටියා. "මට තරමක් සුවයක් දැනුනා හුස්ම ගන්න නමුත් මගේ පපුවෙ බර යකඩ තහඩුවක්  තියලා වගේ දැනුනේ"

කොරියාවට රටේ   ජනගහනයෙන් ලක්ෂයකට ICU  ඇදන් 10.6 ක් තියෙනව , එක්සත් රාජධානියේ (UK) 6.6  සන්සන්ධනාතමකව ඉහල අගයක්. නමුත් රෝගය සිඝ්‍රව පැතිරයාම ආරම්භ උන පෙබරවාරි මාසයේදි සෞඛ්‍ය සපයන ස්ථානයන්පිරීඉතිරිගියා, රොගය වැඩියෙන්ම පැතුරැනු ඩෙයුගු ප්‍රදෙශයේ  මාර්තු මල වෙනකොට රොහල් ගත්කිරිම් 5000 ටත් වැඩිව ගියා. 

නමුත් නමුත් 3T ක්‍රියාදමය ක්‍රියත්මක විමත සම්ඟම  කොරියානුවන් තත්වය පාලනය කරගන්න සමත් උන, අසාධ්‍ය සහ වයස්ගත් රොගීන්ව පණක් රොහල් ගත කරන්නත් ,තරැන සහ ආසාධ්‍ය නොවන රොගින්ට නිරොධායන මධ්‍යස්තානවල ප්‍රතිකාට කරා.

අක්‍රමනකාරි ලේස විශාල වශයේන් සිද්ධකරන ලද Testing සහ Tracing ක්‍රියාන්විතයන්   2 දෙක නිසා, රොගය පාලනය විම , ඉතා සර්තකව මැඩ පැවැත්විම  හරහා සෞඛ්‍ය පද්ධතියට ඇති කෙරැනු පිඩනය සමනය කරා.

පාක් මහතාව දින නමයක්  තිසිසේ ප්‍රතිකර ලබගේන , ටෙස්ට් දෙකකින්ම තවදුරටත් වෛරසය නැතිබවට තහවරැවිමෙන් අනතුරැව රොහලෙන් , පිටත් කරලා තියෙනව තවත් සතිදෙකක් නිවසි සිට ස්වයං නිරොධායනට ලක්වෙන්න කියලා.

වෛරසය ශරීර ගත වෙලා දවස් 25 කට පසුවත් කෙටිදුරක් ඇවිදිමෙන් පසුව හුස්ම ගැනිමේ පොඩි අපහසුවක් තිබෙන බව පවසන ඔහු ඔහුගේ හිතේ හයි උපරිමව තබාගන්න උත්සහ ගන්න බව පවසනවා

ජිවිතේ බෙරැණා, දැන බලාපොරොත්තුව එකක ජීවත් වෙනව !!! 

මුලාශය The Telegraph on line edition



(c) Jayasiri Pds Niduwa Wadu

2 comments:

  1. අපිට ඔය වෙගේ යාන්ත්‍රන්යක් ස්ථාපිත කරන පාළක පංතියක් හෝ
    ක්‍රියාත්මක කල හැකි ජනතාවක්, සිහිනයක්ම තමයි!

    ReplyDelete
  2. ස්තුති. ඉතා හොන්ද ක්‍රමයක් නෙද. මේ විදියටම නැතත් ලන්කාවෙත් ඉතා පැසසිය යුතු ක්‍රමයක් බාවිතා කරනවා අපේ රටට පුලුවන් විදියට. ඒත් සමහර මිනිස්සුන්ගෙ සහයෝගය ඉතා අවමයි. බූරුවන්ව කරේ තියන් බිම් බෝම්බ වලින් බේරගෙන යන්න වෙන තත්වයක් ලන්යලන්කාවෙ දැන් තියෙන්නෙ.

    ReplyDelete

Your comments are most welcome!
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි, දිරියකි !,සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

PS
ප්‍රතිචාර‍යක්- comment එකක් - දමන්න කිසියම් හො අපහසුතාවක් ඇතොත් - මේ ලිපිය කියවන්න. මෙතනින්  

අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...