07 August 2018

සුරාන්තය (The Orgasam)





තව ටිකදොහක් දරා හිඳ අප මෙහෙම
හමුවෙමු සොදුර මතුදින නොදුරේම
චණ්ඩි ටිකිරි  දැස්  වලට රහසේම
තනි වෙමු කෝඩු ලෙස, මුල් රැ වාගේම

එබි දැසට ඔබේ
සිප  ගන්නට අධර පට 
පටලා හා මගේ
උරා බොන්නට රස මදිරා
මදි නොවන්නට
පෙර ලෙසේ!!
විවර කරමින් සොදුරු නාරී රු
උනා-ලමි,  වත රැදි සළු
දැනේන විට,දැගිලි තුඩු
නොපැරදි  දැතට ඒ  යුහු-සුළු
එන්න මා හා  තරඟෙට මහා 
උනා දමනා, සළු!




සැතපෙන්නම් ලඳේ
තලා ලැමද තලේ
බොමින්, නොමැති කිරී
හසුන් යුවලේ සුදූ
මගේ මුහුණේ කේදි
මැවෙයි ඔබට කිති!




වීනා බඳ සරි
තරංගයක සිරි
මවා සයන අග
වැතිරෙනු,  ඇලයට
පොපියන මගේ දඟ


                                                            සිරකර නිතඹට සැතපෙමි ඔබ ලඟ!! 
පිරි- මැද ඉබ-සිබ 
ගෙල පස  ,කන - අග
තවත් නුරා නිල!
සුසර වනතුරු, කාල-තාල.
වැයුමට රාගය, 
සුමිහිරි-අනුරාගයේ

දි  සිසිලැල් සුව.
බොන්න මගේ රස!
ඔබේ දෙවොටර අග  
මල් කේමියේ නිල
පිරිමැද දිව අග
මවමි අමා රස
වාන් දමන තුරු!.





බැදී සුවෙන්,-වෙලි තදින් 
අමානන්ද පෙමින්
එක්  වි අපි තොසින්
විදගමු - එක සැනින්  
පෙර  විඳ ඇති ලෙසින්
දේව් සුර-ලිය, නිතින්
ලබන රසය නදින් 
සුර- ආන්තය, නොමින්.
෴෴෴෴෴෴෴෴෴


සෘංගාරය රසයක් උකහා ගන්නට ඉම පෙන්වූ ගී පොකුරෙන් බිදක්

01.සද හොරේන්  හොරේන්  හොරේන්  බලා



02.අපි හැගුම් වලට ඉඩදි ඉඩදි මොහොතක්




03.මුව මුක්තා ලතා - එඩ්වඩ් ජයකොඩි



04.පෙම්බර මදු මගේ - වික්ටර් රත්නායක



05. Your body is Wonderland- John mayor


06.ප්‍රේමතඨාකය- අමරදේව







18 July 2018

ධර්ම  රාජ්ජේ  (2 ට දෙක)


ධර්ම  රාජ්ජේ 
(2 ට දෙක)

අපරැක්කේ
සිල් නොරැක්කේ
අරු මැක්කේ
පුක් බින්දේ

ඉතින් කොහිද
ඉසුබුවක්
රකින්නට
රට ජාතිය
දෙසන්නට බනක්
පලන්නට
තම්බි හිසක්...

තිබුනානමි දේසා එවන්  බනක්
මූවා කරන් නිරුවත දේස් පෙමින්
පේලි  සැදි  බොසත් හෙල දනන්
දේස් ඉල්ලා පොඩි දරුවට සැරෙන්
රැකුමට මහනකම මේ මුඩුගේ ගනින්
දැකුමට තිබුනා කරනා වීදි හටන්!!!

16 July 2018

කොහෙන්ද මේ සතුට




ලොකුදුව සුරතල්
නංගිගේ මැරකම්
ඉවසන් කුළුනෙන්
හිනහෙයි සතුටින්

ඇයි දුව සතුටින්
ඇහුවම කුහුලේන්
පවසයි මෙලෙසින්
සුරතල් වඳනින්

"මතුයම් දවසක
මලයකු අවුදින්
කෙහි රොදකින් ඇද 
හඩවයි නංගිව

රිදුම් වලට තැවුම් පතා
අම්මා ලඟට දුවන නංගි.
සරණ පතා
මගේ ලඟට දුවන මල්ලි
මල්ලි වැලද සිප ගන්නා
රඟ මැව්නා රැව ඇදුනා.
සුව දැනුනා "


11 June 2018

ගර්ජනාව සහ කෙඳිරිය


කාල- නීල
චන්ඩ දළ රළ
වර නගමිණා, හො-හෝ හඩ,
පොලා පැන අඹරට
පතබැවූනි 
අකම්පිත
සුසිදු වැල්ලට

චන්ඩ රල භින්නවි, කණ්ඩ වී !
සියුම් චිරි-සිරියකි!!!
සුසිදු සුදු පෙන කැරලි
මියැදේමින්
මුමුණනා!


06 June 2018

සහෘදයාණෙනි ඔබට සුභ ගමන්



ප්‍රේමකීර්ති ට පසුව අපි ආදරය කළ.ගැඹුරක් ඇතිව හදවතෙහි ගැඹුරුම තැනට සජීවීව ආමන්ත්‍රණය කළ ඒ ආදරණීය  හඬ සදහටම නිහඬ වෙලා

හේම නලින් 90 දශකයේ නව යොවුන් තරුණයන් වූ අපිට අපේ පරපුරට 9.05 තුලින් සොබාදහමට ආදරය කරන්න, යූ ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවි බහුලව භාවිතා නොවූ ඒ කාලයේ ලංකාවේ සොඳුරු තැන් අපිට පෙන්නල දුන්න  පරිසරයට ආදරය කරන්න සොබා දහමේ චමත්කාරය විඳින්නට අපට මග පෙන්වූ ගමන් නියමුවෙක්. සුන්දර  සිනහව හා ගැඹුරු කට හඬකින් අපේ හදවතට ආමන්ත්‍රණය කළ සොඳුරු ආඥාදායකයෙක්.

මතක හැටියට අනුව දශකයේ අග භාගයේ පැවැත්වුණු සජීවී අවුරුදු අවරුදු වැඩ සටහනකින් පසුව , සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවයක් මත පදනම්ව ඔහුගේ හඬ රූපවාහිනියෙන් හා තවත් පරපුරකින් ඈත් කළ කිසිදු ප්‍රතිභාවන් නොමැති එහෙත්  ගොටු අල්ලා ඉහලට යාමට බලන් සිටි තවත් පරපුටු හා දක්ෂතාවයන් නොමැති පිරිසක් විසින් අති දක්ෂ ඔහුව තවත් පරපුරු ගණනාවකින් වෙන් කළා

මුතු මැණික් යට ගොස් යටගොස් ගොම රිටි මතුවන සිරිලංකා කාලා කෙතේ, පූර්ණ ප්‍රතිභාවයෙන්ම මේ දෙර්ණට පලක් නොගෙනම යටකර තවත් අමිල මාණික්‍යයක්.

සහෘදයාණෙනි ඔබට සුභ ගමන්


ජැක්සන් ඇන්තනි ඔහු ගැන තැබූ සටහන මෙතනින්
http://divaina.com/sunday/index.php/visheshanga2/4267-2018-06-08-14-01-36

31 May 2018

විප්‍රලම්භ ශෘංගාරය

විප්‍රලම්භ ශෘංගාරය ගැන අහලා ඇතුවාට කිසිදු සැකයක් නෑ ප්‍රියයන්ගේන් වෙන්විම (තාවකාලිකව හෝ) නිසා ඇතිවෙන විරහවෙන් සිතේ හට ගන්නා ශෝක තාපයයන්ගේ රිදුම් අවසන ඇතිවන්නා සියුම් මිහිරි රසයකි, ,

එකි විප්‍රලම්භ ශෘංගාරසය ඇතුළු සාහිත්‍ය රස හදුන්වා දී රස විදින්නට උගන්නාවා ජිවිතයේ රස, ලොකයේ රඟ මේයයි  අතැඹුලක් සේ පසක් කරදුන් ගුරුවරුන්ටත්, හොද පොත-පත හා සිංදු අහන්න උත්තේජන සැපයු මිතුරන් ඇතුළු හැමට හද පිරිමේව්වා එක  හා ශිර්ෂ ප්‍රණාමය පුදකරනවා බැතියෙන්

අපිට සොම්නස සතුටත් අරගෙන ආපු ලොකූ දොණි ගේ උපතේ ඉඳලා අව්රුදු 5 ක් පුරාවටම සම්ප්‍රයොගයේ ප්‍රහර්ෂය උපරිමව අත්විදලා හිටං, මගේ ප්‍රාණසම ප්‍රියයන් මව්රටේ තනි කරලා කටාර් දේශයට සති දෙකකට කලින්  ගොඩ බැස්සා. එතැන්පටන්  කාමරයක  දිවි ගෙවන දරු-පවුල්කාර  තනිකඩයකු බවට පත් උණා උණා.  වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම විප්පයොගයේ  රස විදින්න ලැබුණා.මේතුවක් කල් නොදැනුණු විලසට ,විරහව ,හුදකලාව, දරුනුවටම දැනුණා ,ඒ සියලු වේදනාවන්ගේ කෙළවර, මේ-මොහෝතේ වියොවී තියෙන ආදරය වැඩියෙන් දැන්නේනවා ඒ ආදරය පිරුණු උණුසුම පියතෙපුල්  වැඩිවැඩියෙන් උවමනාවේලා




කොහොම වෙතත් උන් තුන් දේනා  තමයි මගේ පණ (ලොකුම ළමයත් එක්ක),.ලොකුදුවා(අක්කා)ඉපදුණු දවසේ (නෙමේ පිළිසිඳ ගත් දවසේ) ඉදලා දෙවැනියා (නංගි)ට දැන් අව්රුද්දයි මාස 8 වෙනකන් අපිවෙන් වෙලා ඉදලා නැහැ., ඒ කාලය පූරාවටම අපි හිටියේ ඕමානයේ මස්කට් අඟනුවර.පවුල් පිටින්ම අකුල ගෙන ලංකාවට ඇවිත් මම කාටාර් දේශය බලා පිටත් වෙනකම් තවත් මාස දෙකකටත් වඩා,


මේ විප්පයෝගයේන් මතුඋන විරහවෙන් මටත් වඩා , මම තනිකර  ආ අඹුදරුවන් පෙළනා බව සිකුරුයි.

අක්කී, එයා ගේ පුංචි හිතට මොනයම් හෝ  රිදිමක් ඇති උනාම මට අප්පච්චි ඕනේ කියලා අඩනවලු,  විප්පයොගයෙන් හුදකලා වු ඇයගේ ච්ත්තවේගයන් ප්‍රකාශවෙන්නේ ඒ විදිහට.ඒක නම් හරියට දැනුණා රිදුමකුක් (ලොකුපශ්චාත්තාපයක්) එක්ක , ඇයට  කල තරවටුවකදි හෙළු කදුළු ක් සිහිවේලා.

නංගි , vedio call එකකදි,, මාව දැක්කාම සතුටට  කෑගහනවා ඇස්දෙකේ කාන්තිය විහිදෙනවා සතුටට ෆොන්  එකට උම්මා වරුසාවක් දෙනවා ඒක ආයේ කාටවත් දෙන්නේ නැහැ,,මම ආවට පස්සේ සතියක් විතර යනකම් අම්මිගේ ඇගේ එල්ලිලාමලු හිටියේ කක්කුට්ටෙක් වගේ, කෙල්ල හිතන්න ඇති අප්පච්චි වගේ අම්මත් කෙල්ලව දාලා යාවි කියලා.

අන්තත දෙකක දෙන්නේක් නංගිගේ රළු ගති වැඩියි,අක්කිගේ උණු වෙන ගති හරිවැඩියි, අක්කව පාලනය කරගන්න බැරිම වේලාවක අම්මා ටිකක්  ඇඩුවොත් අක්කිටත්  ඇඩිලා වැඩේ සමථයකට පත්වෙනවා, නංගිව ඒක්‍රමයට පාලනය කරන්න,හොමවත්බැහැ එහෙම කරොත් , අම්මාව කොනිත්තනවා, තව ටිකක් හයියෙන්  අඬන්න.

අම්මි මගේ මැණික ,දුකක්  සාංකාවක් ගැන මොකුත් කියන්නේ නැහැ එදිනේදා දවස ගෙවුණු හැටි මිසක, ඒත් ඒ ඇස් අග සැගවිලා තියෙන ශෝ දුක්  කන්දරාව මට නොදැනේනවවා  නොවේ.
මූහුණු පොතේ වීයෝ චැට් එකක් අතර තුර ගත්ත මේ පින්තුරයත් එක්ක  මේ පද පේලී ටික ලිව්වේත් මේ හැඟිම් සමුදායම හිතේ හොල්මන් කරපු වෙලාවක. (25/05/18)

ආදාල සත්‍ය පින්තුර්ය අයින් කරා අද (08.08.18)




හඳ පතුලේ ඉම කිමිද
කිති කවන, පිරිමදින
ඔය සිනා තුන නැතිව
දුර ඇවිත් මම  මේහේ
ළඟ නැතත්
මගේ ළඟයි
හුරතළේ තව වැඩියි
ජිවිතේ, මේතමයි”

මම දාපු පොස්ට් එකට කිහිප දෙනෙක් ප්‍රතිචාර (Comments) දක්වලා තිබුණත්, මගේ මැණික වගේම දරුවන් එක්ක මව් රටේ තනිවෙලා ඉන්න ( අපි වගේම කලින් ඕමානයේ සහ පසුව කාටර් වල ජිවත්වෙලා), කටාර් වලම සේවය කරන උදයංග මල්ලි ගේ බිරින්දා -නංගි-තමයි මගේ බිරින්දාගේ සහ දරුවන්ගේ මුහුණුවල තිබුණ හැගිම් එක්ක අරපද පේලින් මම කියන්න හා නොකියා ඉන්න තනපු,හැගීම් සමුදාය සමග ඒකාත්මික වු අදහස් දැක්විම කරලා තිබුණේ,

විද්‍යාපීඨ පුහුණු ඉංග්‍රිසි ගුරුවරියක් වන ඇය ඉංග්‍රි සියෙන් කරණ ලද ඇයගේ අදහසේ චායානුවාදය මේ වගේ එකක්.

අයියා මේක හරිම සුන්දර පින්තුරයක්, මගේ ඇස් අහකට ගන්න හිත් දෙන්නේම නැහැ. ළමයින්ගේ මුහුණු සුන්දර සිනහවන් ගේන් ඔපවත්වි වේලා සමහරවිට ඔවුන් වීඩියෝ කොල් එකකදි ඔවුන්ගේ පියා දේස බලමීන් සිටියදි ගන්නා ලද්දක් වියහැකියි .අක්කාගේ මුහුණේ තීයෙන හැගිම් සමුදායම මට තදින්ම දැනේනවා, ඇගේ ලොකයේ වටිනාම වස්තුන් 2 අතදරා නුඹ දෙස බලාහිදිනා ඒ මුහුණේ ඇති තනිකම, දුක, විශේෂයෙන්ම ඇයගේ කාන්තිමත් නේතු සඟළින් විහිඳෙන නුඹ කෙරෙහි වු ඇයගේ ආදරය හා උණුසුම, මේහි ඇති සුන්දරම දේය නමනම් ඔවුන් (ඇය) කඳුළු සඟවා සිනා සෙමින් සිටිමයි.

නාඩි වක්‍යයක් කිව්වා වෙග් නංගි !!!!!!!!!!!! මෙච්චර දිහ බ්ලොග් post එකක් කාලේකට පස්සේ ලියන්න උත්තේජනයක් උනේත් ඔයාගේ ඔය comment එක.ඔයාටත් හදපිරි උත්තමාචාරය.

පසුව ලියන සටහනක්
විප්‍රලම්භ ශෘංගාරය රසය කුළු ගන්වන ගීත කිහිපයක්

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ


බොල් වී අහුරු...



පායා ඇයි හිනැහෙන්නේ




30 June 2017

බල්ලා ද සිල්වා (The Dog de Silva)






මාර්තෘකාව සහ ඉහත ඡයා රුපය දුටු පමණින්ම සිහියට නැගෙන  කුප්‍රකට අචාර්‍ය සිල්වා ගැන ලියන සටහනක් නම් නෙමෙයි මෙය හුදෙක්ම ,අපේ ගෙදර සිටි බල්ලා,බ්‍රවුන්  ගැනයි මේ පොස්ට් එක.

බ්‍රවුන්  ,අපේ ගෙදරට අවේ 1994 විතර පොඩි පැටියා කාලේදිම,.අපේ පිටිපස්සේ ගෙදරින් තාත්තා ගෙනාවේ එහේ ඇති කරපු ඇල්ටේෂන් වරගෙයේ බැල්ලියක් සහ එහේම හිටපු වල් බල්ලන් වශයෙන් ව්‍යහාරයේදි හදුන්වන බල්ලෙකු වු  “සංගුලියාට” දාව බිහි කරපු බලු පැටියා බ්‍රවුන් නමින් කුල වද්දලා අපේ පව්ලට එකතු උනේ.
අපේ අසල් වැසියා තාත්තට බ්‍රාවුන්ව පැවරුවේ ඔවුන්ගේ නිවසේ වැඩිවෙන බලු ගහණයට පිළියමක් වශයෙන් මිසක සත්භාවයෙන් නොවන බවනම් සහතිකයි. බ්‍රවුන්ටත් වැඩේ තෙරිලා වෙන්න ඇති සතාට සද්දෙට බූරා ගන්න පුලුවන් උන දවසේ ඉදලා ඒ ගෙද‍ර මොනයම් කෙනෙක් අපේ ගෙදර ඉදිරි පිටි වැටි ඇති අඩි පාර දිගේ යනවා දැකපු ගමන් පටන් ගන්නවා බිරිල්ලක්  දම් වැළ කඩා ගන්න උපරිම දහිරිය දමමින් ආදාල පුද්ගලයා නොපෙනි යනතුරුම

බ්‍රවුන් අපේ ගෙද‍රට එන කොට සති දෙකක් විතර වගේ චබී පැටියෙක් සිග් සැග් අකාරය පස්ස වනමින් තමයි ඇවිදිම කරේ, ගෙදරට ආපූ පළවෙනි දවසෙදිම කරේ පවුලේ සාමාජිකයන් හැමෝම ළගට ඇවිත් ඌගේ හොම්බ උඩි පතුලේ අතුල්වමින් ලෙව කෑම, බොහොම අමාරුවෙන් තමයි අපි හැමෝම ඉවසන් හිටි‍යේ. බ්‍රවුන් එහෙම තමයි ගෙදර සමාජිකයන්ව දැන හදුනා ගත්තේ.

බ්‍රවුන්ගේ ආගමනයට මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරේ අම්මා උණත්,කල් යත්ම බ්‍රවුන් ගැන වැඩියෙන්ම සොයා බැලුවේ සහ ඇප උපස් තාන කැම බීම වෙලාවට කලාවට දුන්නේත් අම්මාම තමයි.බ්‍රවුන් ලොකු මහත්වෙලා හොද නාම්බෙක් ඌනා බොහොම ඉක්මනටම, අපි හය දෙනාට අමතරව අම්මා තමයි ඌවත් බලාගත්තේ තවත් දරුවෙක් වගේමයි.

Brown
බ්‍රවුන් 2007 දි  පමණ

අපේ තාත්තා ගේ ධිවර රැකියාව නිසා නිසා දිනපතාම අඩු නොකියන්න බ්‍රාවුන්ට මාළු පිනි නම් ලැබුණා ලේ පිටින් අමු මාළු වගෙම පිසූ මාළු ත් ලැබුනා.මාළු නැතිව ගෙදර කොල්ලො ටික ආමරුවෙන් හරි බත් ටික කැවට,බල්ලනම් කනවා බොරු, ඉතින් අම්මා බිත්තරයක් බාගෙට තම්බලා ඌටම විශේෂයෙන් හින්දලා හදන පරිපුවත් සමග පාන් කැළි පොඩියට වෙන්න කඩල අනලා දුන්නාඅ තමයි උ එපැයි නොකියා කන්නේ
දවල් වරුවේ බැදලා තිබ්බට හැන්දාවට ලිහලා දාලා ඉන්නේ බ්‍රවුන් නාදුනන කෙනෙක් ආවොත් එතින් බඩුම තමයි. කිහිප වතාවක්ම දවල් වරුවෙත් දම්වැල කඩාගෙන ගිහින් අහල පහළ දෙතුන් දෙනෙක්ව හපා කැවා.
එක දවසක් රාත්‍රියක මගේ හොදම මිත්‍රයෙක් වෙන චන්දන අයීයා එයාගේ ගෙස්ට් කෙනෙක්ව ගන්න කටුනායක යන කමන් අපේ ගෙදර  අවා මගෙන් දෙයක් ඉල්ලන් යන්න, ඒ දවස් වල අපේ ගෙදරත් විදුලි බලය (ලයිට්) තිබුණේ නැහැ කරුවලේම අපේ ගෙදර ආපු (රැට ලිහලා හිටියේ බ්‍රවුන් සුපුරුදු පරිදි) චන්දන අයියගේ ඇගට පැනල හොද වෙලාවට සද්දේ ඇහිලා අපි එළියට ගියා අපේ මිත්ත්‍රයා ඇදන් හිටපු ටි ෂර්ට් එක( චේ) වැල් වෙන්න ඉරලා වෙන අනතුරක් නැහැ පොඩි සිරිමක් වගෙ තිබුණා මතකයි.අපේ කමල් මල්ලි බ්වුන්ව අල්ලාගෙන උගේ ඔළුව පිට අතගාලා බල්ලාව සන්සුන් කරගෙන ගෙට එක්කන් ගියා.
අනතු‍රෙන් පස්සේ  කිටුටුව තිබුණ තවත් මිත්‍රයකුගේ නිවසට ගිහින් වෙනින් ඇදුමක් ඇදගෙන යන ගමන් ,චන්දන අයියා කියනවලු " මට කෙන්ති බල්ලා කැවටවත් ටි ෂර්ට් එක ඉරුවටවත් නෙමේ බං අරුන්ගේ මල්ලී බල්ලාට දෙකක් දෙන්නේ නැතිව ඌගේ ඔළුව අත ගාපු එකට බං කි‍යලා" ඒ වෙලාවේ බ්‍රවුන්ව ෂේප් කරගන්නේ නැතිව ඌට දෙකක් දෙන්න ගියානම කොල්ලා (බල්ලා) නවතින්නේ තවත් අඩව්වක් අල්ලලා තමයි.
ඕනම නාදුන කෙනෙකුට කඩා පනින බ්‍රවුන් කොල්ලා  2010 දි හා හා පුරා කියලා පය තියපු මගේ හාමිනෙත් එක්ක  කිසිම එදිරිවාදි කමක් නැතිව පැත්තකට වේලා හිටියා, ටිකක් හොයලා බැලුවාම ගෙදර ආපු දවසෙම අපේ හාමිනේ බ්‍රවුන්ට කැවුමක් දීලා  අපේ බාප්පා කෙනෙක් කිව්වා ඒ වෙලාවෙදී කැවුම් දුන්නාම බල්ලො යාළු වෙනවා කියලා , පෙනෙඉද බල්ලට දීලා තියෙන ඉනාව.
මාර්තෘකාවට ආදාළ සිද්ධිය මේකයි.
අපේ නංගි ස්කොලේ 3 හෝ 4 පන්තියේ හිටියේ එතකොට ගෙදර කුස්සිය පැත්ත්තේ බිත්තියක මෙහෙම ලියල තිබුණා අපේ පව්ලේ සමාජිකයන්ගේ නම් ලැයිස්තුව
N.W. X ද සිල්වා  (තාත්තා)
J.A.M. ද සිල්වා (නිවැරදිව ලිව්වානම්- J.A.M. පමණයි)
N.W. J.P ද සිල්වා( මම මහතා)
N.W. W.G. ද සිල්වා
N.W. K.K.  ද සිල්වා
N.W. S.K. ද සිල්වා
N.W. I.P. ද සිල්වා
හොදම එක

(අත්තටම මුල අකුරු දේක සමග හැමොගේම සම්පුර්ණ නම තමයි ලියලා තිබුනේ)
N.W. බ්‍රවුන් ද සිල්වා
එතැන්, පටන් බ්‍රවුන්ටත් ද සිල්වා එකතු ඌනා, පුන්චි දැරිවියක් උන නංගිට විතරක් නෙමේ අපිට උනත්  බ්‍රවුන් ව දැනුණේ පව්ලේ කෙනෙක් හැටියටයි.බ්‍රවුන්ට, හලෝ බ්‍රවුන් ද සිල්වා කියලා කතා කරන කොට ඔව් කියන්න වගේ සද්දයක් දානවා ඔළුව උඩට උස්සලා, ඇපේ නංගිනම් හිනාව තතකරගෙන ඉන්නවා හිනානෙවි.
බ්‍රවුනුත් 2011 අම්මා නැති වෙලා ටික කාලයකින්ම අවසන් හුස්ම හෙළුවා, අම්මා සහ  තත්තා නැති උනු එකේ සාන්කාව අපිටත් වාඩා තදටම දැනුනේ ඒ සාතාට තමයි.













අහිංසක හදවත: සිව් හැවිරිදි පුමිඳු: අනුකම්පාව පිළිබඳ පාඩමක්

  අවුල් සහගත හා අවිනිශ්චිතතාවයෙන් පිරුණු ලෝකයක, දරුවෙකුගේ අහිංසක ඇස්වලින් ජීවිතය දැකීමට සැබවින්ම ඉන්ද්‍රජාලික යමක් තිබේ. ඔවුන්ගේ නිර්මල හදවත...